ආර්. සිදෙයිඅම්මාට කිරුළක්…

Date:

හේලිස් සමූහ ව්‍යාපාරයට අයත් කැලණිවැලි, තලවාකැලේ, හොරණ වැවිලි සමාගම්වල හොඳම තේ දලු නෙළන්නිය තේරීමේ තරගය 25වන දින එම සමූහ ව්‍යාපාරයේ සභාපති මෝහාන් පන්ඩිතගේ, එහි විධායක අධ්‍යක්ෂ රොෂාන් රාජදුරෙයි යන මහත්වරුන් ඇතුළු එම වැවිලි සමාගම්වල ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් රදැල්ල තේ වතුයායේදී පවත්වන ලදී.

මෙම තරගාවලිය සඳහා එම වැවිලි සමාගම් නියෝජනය කරමින් තේ දලු නෙළන්නියන් හැට දෙනකු සහභාගිවූ අතර එහිදී එම වැවිලි සමාගම් තුනේම හොඳම තේ දලු නෙළන්නිය ලෙසත් තලවාකැලේ වැවිලි සමාගමේ හොඳම තේ දලු නෙළන්නිය ලෙසත් තලවාකැලේ වැවිලි සමාගමේ සමර්සෙට් කොටසේ ආර්. සිදෙයිඅම්මා විනාඩි 20ක් තුළ තේ දලු කිලෝ 10 ග්‍රෑම් 450ක් කඩමින් තේරී පත්වූ අතර හොරණ වැවිලි සමාගමේ හොඳම තේ දලු නෙළන්නිය ලෙස එම්. විග්නේෂරි, කැලණිවැලි වැවිලි සමාගමේ හොඳම තේ දලු නෙළන්නිය ලෙස එස්. ජෝතිමදී යන අය තේරීපත් විය.

මෙහිදී වැවිලි සමාගම්වලින් හොඳම තේ දලු නෙළන්නියන්ට රුපියල් ලක්ෂය බැගින්ද එහි දෙවන හා තුන්වන ස්ථාන සඳහා පිළිවෙළින් රුපියල් හැත්තපන් දහස හා පනස්දහස බැගින්ද වැවිලි සමාගම් තුනේම හොඳම තේ දලු නෙළන්නියට රුපියල් ලක්ෂ තුනක් වශයෙන් මුදල් තෑගි හා කුසලාන පිරිනැමීම මෝහාන් පන්ඩිතගේ හා රෝෂාන් රාජදුරෙයි මහත්වරුන් ඇතුළු පිරිස විසින් ප්‍රධානය කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ හොඳම දලු නෙළන්නිය ලෙස තේරීපත්වූ ආර්. සිදෙයිඅම්මා –

“මට මේ වන විට අවුරුදු 38ක් වනවා. මම විවාහ වෙලා දරුවන් තිදෙනකුගේ මවක්. අද මට හරි සතුටු දවසක්. මොකද අද තරගයෙන් මම මෙහි හොඳම දලු නෙළන්නිය ලෙස තේරී පත්වුණා. මම තලවාකැලේ වැවිලි සමාගමේ හොඳම දලු නෙළන්නිය ලෙසත් හේලිස් සමූහ ආයතනයේ වැවිලි සමාගම් තුනේම හොඳම දලු නෙළන්නිය ලෙසත් තේරී පත්වුණා. මේ සඳහා මට රුපියල් ලස්ෂ හතරක මුදල් තෑගි වගේම කුසලාන දෙකක්ද ලැබුණා. මගේ ලොකු දුව මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටිනවා. මට අවශ්‍ය මගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීලා හොඳ පුරවැසියන් බවට පත් කරන්නයි. මට ලැබුණ තෑගි මුදල් මම ස්ථිර තැන්පත් ලෙස බැංකුගත කිරීමට පියවර ගන්නවා.

මට වත්තේ මහත්වරුන්ද පැවසුවේ මෙම මුදල් හොඳ දෙයකට යොදවන්න කියලයි. ඒ නිසා එම මුදල් බැංකු ගත කරලා මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යොදවන්න පියවර ගන්නවා.”

අසීමිත දුක් කම් කටොලු මැද තේ දල්ලෙන් රට නංවන්නට තම දිවි කැපකරන සියලු තේ දළුනෙළන අම්මාවරුන්ට ජයග්‍රහණයක්ට උදාවේවා…!!!

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...