*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

ඇතැමුන් ආණ්ඩුවට චෝදනා එල්ල කරන එක සාධාරණ නැහැ. ලෝකයේ කොතැනක වුණත් හිතුවක්කාර විදිහට උද්ඝෝෂණය කිරීමට ඉඩක් නැහැ!

පහත දැක්වෙන්නේ “දේශපාලන අරමුණු මත රට තුළ නැවත අස්ථාවර තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කිරීම සහ මැතිවරණ දිනය පිළිබඳ ඇතිව තිබෙන තත්ත්වය” යන කරුණු පිළිබඳව හිටපු මානව හිමිකම් කොමසාරිස්, ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා සමඟ සිදු කළ සංවාදයකි.

? පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණත්, මේ වන විට මැතිවරණ දිනය කල් ගොස් තිබෙනවා. මේ ගැන විපක්ෂය දිගින් දිගටම ආණ්ඩුව වෙත විරෝධය පළ කරනවා. ඇත්තෙන්ම මැතිවරණයක් පවත්වන දිනය කල් යාම ගැන ඔබේ අදහස කුමක්ද?

මැතිවරණයක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක්. අපට ඒක එහෙම නොවෙයි කියලා කියන්න බැහැ. ඒත්, මැතිවරණයක් කල් යන්නේ කුමන හේතු නිසාද? ඒක එහෙම වෙන්නේ ඇයි? කියන එක වඩාත් විමර්ශනශීලීව බලන්න ඕනැ. අපේ මැතිවරණ ඉතිහාසය දෙස බලද්දී මහ මැතිවරණය පැවැත්විය යුතු දිනයට නොපැවැත්වූ අවස්ථා කිහිපයක් තිබෙනවා. මුලින්ම කල් ගිය මහ මැතිවරණයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන් 1975 මහ මැතිවරණය. එයට ව්‍යවස්ථාව පිළිබඳ ගැටලුවක් බලපෑවෙ. ඉන්පසු පසුගිය මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ දෙදහස් විස්සේ අප්‍රේල් මාසයේදී. ඒ සඳහා නාම යෝජනා පවා කැඳවනු ලැබුවා. අප්‍රේල් මාසයේ දිනයක්ද නියම කළා. ඒත්, කොවිඩ් වසංගත තත්ත්වය නිසා මහ මැතිවරණය අගෝස්තු මාසය දක්වා කල් ගියා. ඒ වගේම 1987දී පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට නාමයෝජනා පවා කැඳවනු ලැබුවා. එහෙත් එදා රටේ තිබූ ගැටුම්කාරී වාතාවරණය නිසා පළාත්පාලන මැතිවරණය කල් ගියා විතරක් නොවෙයි ඉදිරිපත් කරනු ලැබූ නාමයෝජනා පවා අවලංගු වුණා. යළිත් පළාත්පාලන මැතිවරණයක් පවත්වනු ලැබුවේ එක්දහස් නවසිය අනූඑක අවුරුද්දෙදි. ඒ විතරක් නොවෙයි පසුගිය පළාත්පාලන මැතිවරණය පවා අවුරුදු කිහිපයකින් කල් ගියා. එයට හේතු වුණේ සීමා නිර්ණය පිළිබඳ වූ ගැටලුවක්. ඒ සියල්ල සලකා බලද්දි කල් ගිය එකම මැතිවරණය මේ පළාත් පාලන ඡන්දය නොවෙයි. ඒ නිසා මැතිවරණයක් කෙටි කාලයකට කල් යාම අපේ මැතිවරණ ඉතිහාසය තුළ අලුත් දෙයක් විදිහට පෙනෙන්නෙ නැහැ. ඒ නිසා මේ මැතිවරණයට පමණක් මැතිවරණය කල් යාම කියන කරුණ ලඝු කර දැකීම වැරැදියි. අපි විමසා බලන්න ඕනැ මේ විදිහට ඡන්දයක් යම් කාලයකට කල් යාමට හේතුව මොකක්ද කියන කරුණයි.

විපක්ෂය වගේම ආණ්ඩුවද කල්පනාවෙන් සෙමෙන් ඇතිව ඇති තත්ත්වය ගැන හිතන්න ඕනැ. ඒ විදිහට කල්පනා කර නිසි විසඳුමකට පැමිණීම තමයි කළ යුත්තේ. අද රට තුළ ආර්ථික තත්ත්වයේ අස්ථාවර භාවයක් තියෙනවා. පසුගිය කාලයේදී ආර්ථික අර්බුදයක් විදිහට මතුව ආවේ ඒ තත්ත්වයයි. එදා තිබුණ තත්ත්වය අද වෙද්දි යම් ප්‍රමාණයකට පාලනය වෙලා තිබෙනවා.

ආණ්ඩුව පැත්තෙන් නැගෙන තර්කය වෙලා තියෙන්නේ අයි.එම්.එෆ්. ණය වාරිකය ලැබෙනකම් රටේ තිබෙන මුදල් සංචිතය ආරක්ෂාකාරී ලෙස භාවිතා කළ යුතුය යන අදහසයි. ආණ්ඩුවේ මේ අදහසේ යම් සාධාරණ බවක් තියෙනවා. ඒ නිසා ඡන්දයක් පැවැත්වීම සහ ආර්ථිකය කියන දෙපැත්ත ගැනම කල්පනා කිරීම සහ නෛතිකව සහ සාධාරණ විදිහට වැඩ කිරීම ගැන සියලු පාර්ශ්ව සලකා බැලිය යුතුයි.

? අද තියෙන ආර්ථික වාතාවරණය තුළ මැතිවරණයක් පැවැත්වීම දුෂ්කර බව බැලූ බැල්මටම පෙනෙනවා. ඒත්, මැතිවරණය පැවැත්විය යුතු බවට වූ ඉල්ලීමද මතුවෙනවා. මේ තත්ත්වය ගැන ඔබේ අදහස කුමක්ද?

ඔව්. නීතිය සහ ආර්ථිකය යන දෙපැත්ත ගැනම බලන්න ඕනෑ බවට වූ අදහස නිවැරදියි. එතැනදී අපට විවිධ විකල්ප ගැණත් හිතන්න පුළුවන්. ආණ්ඩුව, විපක්ෂය සහ මැතිවරණ කොමිසම යන අංශ තුන තුන් පැත්තකට වෙලා ඉඳලා මේ ගැටලුව විසඳන්න බැහැ. ඒ නිසා මේ තුන් පැත්තම එක තැනකට ඇවිත් සාකච්ඡා කළ යුතුයි, දැන් අපි මොකද කරන්නේ කියලා. එහෙම සංවාදයෙන් සම්මන්ත්‍රණයෙන් ප්‍රශ්න විසඳා ගන්නවා නම්, අපට විවිධ විකල්ප ක්‍රම ගැන අදහස් මතුව එන්න පුළුවන්. මට යෝජනාවක් තියෙනවා, මැතිවරණයක් අවශ්‍ය නම්, කොටස් වශයෙන් මැතිවරණය පැවැත්වීමට. රටේ ව්‍යවස්ථාව තුළ පළාත් පාලන මැතිවරණය එකම දවසක ජාතික මැතිවරණයක් විදිහට තියන්න ඕනැ කියලා සඳහන් කර නැහැ. අවශ්‍ය නම්, අදියර කිහිපයකින් තියන්න පුළුවන්. ඒ විදිහට පළාත් මැතිවරණ පළාත් සභා මැතිවරණ පැවැත්වූ අවස්ථා රැසක් ඉතිහාසය අරන් බැලුවාම හොයා ගන්න පුළුවන්.

ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව පිළිබඳ සැසිවාරයද නුදුරේදීම පැවැත්වීමට නියමිතයි. ඒ තත්ත්වය තුළ රටට විරුද්ධ කණ්ඩායම් මේ තත්ත්වය ද තමන්ගේ සටන් පාඨයක් බවට පත් කර ගැනීමට ඉඩ තිබෙනවා. ඒ නිසා අප තීන්දු තීරණ ගන්න කොට මේ සෑම අංශයක් පිළිබඳවම සලකා බලන්න ඕනැ.

අපේ රට අපහසුතාවට පත් කරන්න සමහරු බලා සිටිනවා. ඒ නිසා අපි මූලිකවම සලකා බලන්න ඕනෑ මේ සෑම කරුණක් ගැනම විමසිලිමත්ව වැඩ කරන්න ඕනැ.

? රට යම් ආර්ථික ස්ථාවර භාවයකට පත්වෙමින් තිබියදී පළාත් පාලන ඡන්දයක් පැවැත්වීම සුදුසු දෙයක් කියල ඔබ පුද්ගලිකව විශ්වාස කරනවාද?

ආර්ථිකය, නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය කියන විවිධ පැතිවලින් මේ ගැටලුව ගැන විමසා බලන්න පුළුවන්. ඒත්, අපට එක පැත්තක් විතරක් සලකා බලා තීරණ ගන්න පුළුවන් අවස්ථාවක නොවෙයි අප රටක් විදිහට ඉන්නේ. නීතිය පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් සලකා බැලුවාම සෑම මැතිවරණයක්ම ප්‍රජාතන්ත්‍රවාදයට වැදගත්. ඒ මැතිවරණය පළාත් පාලන ඡන්දයක්ද නැතිනම් මහ මැතිරණයක්ද කියන එක නොවෙයි. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන්න ආර්ථික ශක්තිය තියෙන්න ඕනැ. එනිසා මේ ගැන මගේ අදහස වෙන්නේ ආර්ථිකය මූලික කරගෙන සියලු කණ්ඩායම් එක්ක එකතු වෙලා සාකච්ඡා කර එකඟතාවක් ඇති කර ගැනීමයි.

? රටේ ආර්ථිකය යම් තරමකට ස්ථාවර වීමත්, සමඟ පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස බල කරන ලෙස ඉල්ලමින් දේශපාලන පක්ෂ කරන උද්ඝෝෂණ නිසා රට නැවත අර්බුදයක් වෙත ගමන් කරනවා නේද?

මෙහෙමයි. ආර්ථිකය ස්ථාවර වීම එදා තිබුණු තත්ත්වයට වඩා ධනාත්මක තැනකට රට පත්ව තිබෙන බව පැහැදිලියි. ඒ තත්ත්වය තුළ දේශපාලන පක්ෂ සිදු කරනු ලබන විරෝධතා ව්‍යාපාර නිසා රට තුළ නැවත අර්බුදකාරි තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා.

සංචාරක කර්මාන්තය යම් පිබිදීමක් තියෙනවා, මෙවැනි තත්ත්වයක් තුළ ආර්ථික වාතාවරණය නැවත ගැටලුවකට යොමු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අද පක්ෂ විපක්ෂ දේශපාලනය කරන සියලු දෙනා අද අපි ඉන්න තැන මොකක්ද කියන අවබෝධයෙන් වැඩ කරන්න ඕනෑ.

? මැතිවරණ පැවැත්වීම කල්දැමීමත්, උද්ඝෝෂණය කිරීමට බාධා සිදු කිරීමත් නිසා ප්‍රජාතන්ත්‍රවාදයට බාධා එල්ල වෙන බව විපක්ෂ කණ්ඩායම් නඟන ප්‍රධාන චෝදනාවක්. ඒ ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද ?

ප්‍රජාතන්ත්‍රවාදය අදහස් පළ කිරීමට ඇති අයිතිය ගැන බොහෝ අය දක්වන්නේ එක් පාර්ශ්වයක අදහස් පමණයි. ඒත්, උද්ඝෝෂණය කිරීමට අයිතියක් තිබුණ ද ඒ අයිතිය සෙසු අය ගැන ද බලා කටයුතු කළ යුතුයි. පිකටින් කරනවා කියලා සාමාන්‍ය ජනතාවගේ නිදහසට බාධා වෙන විදිහට පිකටින් කරන්න කලහකාරී විදිහට හැසිරෙන්න බැහැ. අපි තමන්ගේ අයිතිය විතරක් නොවෙයි අනෙක් අයගේ නිදහසත් ආරක්ෂා කළ යුතුයි. ගරු කළ යුතුයි. අද සාධාරණ විදිහට නීත්‍යනුකූල විදිහට කරන උද්ඝෝෂණ තියෙනවා. උද්ඝෝෂණයට සහභාගී නොවන අයට බාධා වෙන විදිහට හිතාමතා කටයුතු කරන කණ්ඩායම් සිටිනවා. උද්ඝෝෂණය වගේම සෙසු අයට බාධාවකින් තොරව තමන්ගේ දෛනික වැඩ කරගෙන යන්න අවස්ථාව තිබිය යුතුයි. අපේ රටේ පමණක් නොවෙයි සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටවල පවා උද්ඝෝෂණවල ප්‍රමිතියක් තියෙනවා. ඒ සඳහා ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා අද ඇතැමුන් ආණ්ඩුවට චෝදනා එල්ල කරන එක සාධාරණ නැහැ. මම කියන්නේ නැහැ ආණ්ඩුව සියයට සියයක් නිවැරැදියි කියලා. ඒත්, ලෝකයේ කොතැනක වුණත් හිතුවක්කාර විදිහට පිකටින් කරන්න, උද්ඝෝෂණය කිරීමට ඉඩක් නැහැ.

? ඇතැම් කණ්ඩායම් අපේ රටේ උද්ඝෝෂණ, අරගල පැවැත්වීමට නිදහසක් නැති බවටත්, ලොව වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල මීට වඩා ලොකු නිදහසක් තිබෙන බවටත් චෝදනා එල්ල කරනවා. මේ චෝදනා පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?

ලෝකයේ සුපිරිම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටවල් විදිහට කැනඩාව, අමෙරිකාව වගේ රටවල් තමයි සලකන්නේ. ඒත්, ඒ රටවල පවා උද්ඝෝෂණය කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ රටවල උද්ඝෝෂකයන්ට උද්ඝෝෂණය කරන්න ස්ථාන තිබෙනවා. ඒ තැන්වල තමයි උද්ඝෝෂණය කරන්න පුළුවන්. ඒ කලාපවලින් බාහිර තැන්වල උද්ඝෝෂණ කරන්න බැහැ. එහෙම හිතුමතේ කටයුතු කරන උද්ඝෝෂකයන්ට පොලිසිය කඳුළු ගෑස් ගසා බැටන් ප්‍රහාර එල්ල කළ අවස්ථා තිබෙනවා. අපේ රටේ වුණත් සමහර අවස්ථාවල හිතුමතේ වැඩ කරන සාමාන්‍ය ජන ජීවිතයට බාධා කරන කණ්ඩායම්වලට තමයි පොලිසිය ක්‍රියාමාර්ග ගන්නේ.

මම එක් අවස්ථාවක සියැසින් දැක්කා පුදුම එලවන සිදුවීමක්. අප ශ්‍රී ලංකාව වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට ගියා. එහිදී කොටි හිතවාදී අදහස් දරන පිරිසක් විරෝධය පළ කරමින් සිටියා. එහි විරෝධය දක්වන්න ස්ථාන සහ සීමා තිබෙනවා. ඒ සීමාවෙන් එහාට යන්න බැහැ. එදා කොටි හිතවාදී පිරිස ඒ සීමාව උල්ලංඝනය කරමින් ඉදිරියට ආවා. එතැනදී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් උද්ඝෝෂකයන් පළවා හැරියා. ඒ දේ සිදු වුණේ අපේ රට වගේ තැනක නොවෙයි. නිදහසේ මහ දෙවොල විදිහට සලකන ජිනිවා නුවරදී. ඒ නිසා උද්ඝෝෂනය කිරීම, විරෝධය පළ කිරීම, මානව අයිතියක් වගේම එහි සීමා මොනවාදැයි කියන එකත් නිසි විදිහට අවධානයට ගන්න ඕනෑ.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan