රාජ්‍ය හා පෞද්ගලික බැංකුත් හෙට වැඩ වර්ජනයේ! (VIDEO)

Date:

සියලුම වෘත්තීය ක්ෂේත්‍ර පාහේ හෙට දින සිදුකිරීමට නියමිත වැඩ වර්ජනයට ලංකා බැංකු සේවක සංගමයත් එක්වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා පවසයි.

ඒ අනුව ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකත්වය දරන රාජ්‍ය,පෞද්ගලික හා විදෙස් බැංකු 18ක සේවකයින් හෙට දින වැඩවර්ජනයේ නිරත වන බවයි ඔහු සඳහන් කරන්නේ.

අසාධාරණ බදු පනතට සංශෝධන එක්කරන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කළද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස මෙම ඓතිහාසික වැඩවර්ජනය සිදුකිරීමට නියමිත බව ඔහු අවධාරණය කරයි.

හෙට දිනයේදීද රජයෙන් නිසි ප්‍රතිචාරයක් නැත්නම් මාර්තු 08 සිට මීට වැඩ දැඩි ක්‍රියාමාර්ග වලට යාමට වෘත්තීය සමිති විසින් තීරණය කර තිබෙන බවද සේනානායක මහතා වැඩිදුරටත් කියා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...