*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

පියාඹන මිනිසා යුක්රේනය වෙනුවෙන් ලෝකයට ස්තූති කරයි

ලොව මේ දක්වා බිහි වූ සුවිශේෂීම රිටි පැනීමේ ක්‍රීඩකයා බවට අවිවාදිත යුක්රේන ජාතික සර්ජේ බුබ්කා මේ මොහොතේ යුක්රේනය ගැන මෙන්ම තමන් ගැන සොයා බලන ලෝක වාසී සියලු දෙනාටම සිය ස්තූතිය පළ කර තිබෙනවා.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විශාල වගකීමක් දරණ බුබ්කා යුක්රේන ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා මෙන්ම ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක්ද වෙනවා.

පියාඹන මිනිසා ලෙස අරුත් ගන්වන බුබ්කා යුක්රේනය 1991 දී සෝවියට් සමූහාණ්ඩුවෙන් වෙන් වෙන තුරුම සිය පියැඹුම්වල රන් පල වැපිරුවේ රුසියාව වෙනුවෙන්ය.1988 ඔලිම්පික් රන් පදක්කමට අමතරව ඔහුට ලෝක සූරතා රන් පදක්කම් හයක්ම හිමිව තිබේ.ඒ සියල්ලේ දී සර්ජේ බුබ්කා ගේ නම රැඳී ඇත්තේ රුසියාව සමඟය.1922 දී සෝවියට් සංගමය බිහිවන මොහොතේ එහි ආරම්භක සාමාජිකයෙක් වූ යුක්රේනයට අයිති බුබකා ද, සෝවියට් ජනපදය පෝෂණය කරන්නට සිය වෙහෙස,මහන්සිය කැපවීම තිළිණ කළ විවිධ කේෂ්ත්‍රයන්ගේ ප්‍රවීනයන් අතර ඉහළින්ම ඇගයේ.

උදා වි තිබෙන තත්ත්වය හමුවේ යුක්රේනය මුහුණ පා තිබෙන අවදානම් තත්ත්වයේදී යුක්රේන ඔලිම්පික් කමිටුව හරහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කාර්ය සාධන බලකායන් මඟින් මානුෂීය ආධාර ලබා දීමට සම්බන්ධ වීම ගැන බුබ්කා සිය සතුට සහ ස්තූතිය සමස්ත ඔලිම්පික් ප්‍රජාව කෙරෙහිම පුද කර සිටියි.
බුබ්කා යුක්රේන වැසියෙකු වීම මේ මොහොතේ යුක්රේනයට ලෝකයේ අවධානය යොමුවීමට යම් විශේෂ පෙළමීමක් ඇති කර තිබෙන ව සිතිය හැකිය.ඔහුගේ හැකියාවේ ආනන්දය රැඳණු නමනීය සිරුර මෙන්ම පියාඹන සුළු පිමිවලින් ලෝකයම විශාල ආස්වාදයක් ලැබූ බව නොරහසකි.එය දේශසීමා ඉක්මවා ගිය ලෝකයම එක සේ සතුටු වන තැනකි.ඒ නිසාම අද වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පමණක් නොව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය ද යුක්රේනය අතනොහැර මේ සොඳුරු මිනිසා ප්‍රමුඛ කොට ඔහුගේ භූමියේ නිදහස වෙනුවෙන් ආධාර කරන්නට පෙනී සිටින්නට ඉදිරිපත් වෙමින් ඇත.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ සභාපති සෙබස්තියන් කෝ පවසා තිබෙන්නේ මේ මොහොතේ රුසියානු ආක්‍රමණය හමුවේ යුක්රේනයට දිය හැකි සෑම සහයෝගයක්ම ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය ලබා දෙන බවයි.සිය ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා වන සර්ජේ බුබකා සමඟ තමන් ඒ සමබන්ධයෙන් කතා කර ඇති බව ද කෝ පවසා ඇත.

මෑත කාලීනව පුටින් විසින් නිර්මාණය කරන ලද රුසියාවේ මාන්නක්කාර දේශපාලනය මුලින්ම නොසළකා හැර රුසියාවේ ආඩම්බරය දිය කර හරින්නේද ක්‍රීඩා කේෂ්ත්‍රයේදී ය.රුසියානු මලල ක්‍රීඩකයින් තහනම් උථ්තේජන ගෙන තරග කිරීම සම්බන්ධයෙන් සහ එය පාලිත සැළසුමක් ලෙ ඔප්පුවීම සම්බන්ධයෙන් රුසියාව නිදහසට කරුණු ඉදිරිපත් කිරීම හෝ වරද පිළිගෙන කටයුතු කරන්නට ඉදිරිපත් නොවුණේ ඊට නායකත්වය දිය යුතු රාජ්‍යමය වගකිම පැවරි දේශපාලනයේ උද්ධච්ඡකම හේතුවෙන්ය.එහෙත් ලෝකයම එක මිටට ගෙන සිටින ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙන්ම ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයද එයින් නොසැලී රුසියාවේ උද්ධච්ඡකම මායිම් නොකර සියලු ජාත්‍යන්තර තරගවලින් රුසියානු කොඩිය හකුළා දැමුවේය.අද ඔවුන් තරග වදින්නේ රුසියානු ලෙස නොවේය.රුසියානු ඔලිම්පික් කමිටුව ලෙස එම කමිටු ධජය යටතේය.

යුක්රේනය වර්ග කිලෝ මිටර් 6 03 628 ක් විශාලය.ඊට වඩා දිගක් පළලක් ලෝකයේ මිනිස් හදවත්වල වීරයෙක් සේ තබා ගන්නට බුබ්කාට හැකි වි ඇත.ඒ පළල සමස්ත සෝවියට් සමූහාණ්ඩුව තිබෙන කළ, එහි තිබූ විශාලත්වයටත් වඩා පුළුල්ය.එවැනි කීර්තිමත් බොහෝ යුක්රේනුවන් නිදහසට පෙර කීර්තිය දිනා දුන්නේ සෝවියට් දේශයටය.එසේත් නැත්නම් අද එහි විශාල පංගුව හිමිව සිටින රුසියාවට ය.නමුත් තමුන්ව පෝෂණය කළ දූ දරුවන්ට නිදහසේ රැකෙන්නට වැඩෙන්නට දීමෙන් ඔවුන්ගේ හැසිරීමෙන් ප්‍රමෝදයට පත්වන අම්මා කෙනෙක් වෙනුවට රැසියාව හැසිරෙන්නේ වැඳූ පැටවුන් කා දමන සර්පයෙක් ලෙසය.බලය උමතුවක් කරගත් සහ එය අසීමාන්තික ඉපැයීමක් කර ගැනීමට සිතන නායකයන් රටකට නොව ලෝකයකටම අනුචිතය.පුටින් මේ පෙන්වමින් සිටින්නේ ඒ බවය.

බුබ්කා ලෝකයේම අත්වලින් නැඟෙන රිද්මය සිය පිම්මට ඉල්ලා සිටියේය.වර්ණයක්,දේශයක් නොතකා ඒ මොහොතේ පිටියේ සිටි සියල්ලෝම මේ විශිෂ්ඨයාගේ හැකියාවෙන් ආස්වාදය පතා සිය දෑත් එක් කර හඬ නැඟුවෝය.
“යුද්ධය නැවැත්විය යුතුය, සාමය හා මනුෂ්‍යත්වය ජයගත යුතුය” යනුවෙන් බුබ්කා ලෝකයට කියා සිටිද්දි ඒ ආකාරයටම දේශයක්,වර්ණයක් නොනඟා ලෝකයේ බොහෝ අත් එකතු වෙනු ඇත.ප්‍රේමය යළි පැළ කරන්නට පුටින්ගේ උන්මාද බල වියරුව පරදන්නට යුක්රේනය සමඟ දේශපාලනිකව එකඟවෙන බොහෝ අයට එය බුබ්කාගේ බිම වීම ගැන ද හැඟීමක් තිබෙනවා නිසැකය.ක්‍රීඩාව සංස්කෘතියක් ලෙස පුළුල්ව ඇති භූමීන්වල ඔවුන් ඇදහීම් බඳුය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan