මම භාර දුන්නේ ප්‍රශ්න නැති ලස්සන රටක් – මෛත්‍රී

Date:

තමන් භාර දුන්නේ ප්‍රශ්න නැති ලස්සන හොඳ රටක් බව හිටු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

මේ වන විට රට වැටී ඇති තත්ත්වයට ආණ්ඩුවට දොස් කීමෙන් විසඳුමක් නොලැබෙන අතර ආණ්ඩු කරන නොකරන සියලු දෙනා රට වෙනුවෙන් දැන් එක වේදිකාවකට පැමිණිය යුතු වන බවයි හෙතෙම පැවසුවේ.

”මගෙන් පස්සේ මම භාර දුන්නේ ප්‍රශ්න නැති ලස්සන හොඳ රටක්. මිනිස්සු කාලා බීලා හිටියා. ගොවියෝ හොඳට ගොවිතැන් කළා. ප්‍රශ්න මගේ කාලයේ නොතිබුණා නෙවෙයි. නමුත් මේ රටේ පුරවැසියන්ගේ,ජනතාවගේ දෛනික ජීවිතය අද වගේ තත්ත්වයට පත්වෙලා තිබුණේ. ආණ්ඩුවට දොස් කීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ආණ්ඩු කරන අයත් නොකරන අයත් සියලු දෙනා එකට එකතු විය යුතු අවස්ථාවක්. රටේ සියලු දේශපාලන පක්ෂ,නායකයින් එක වේදිකාවකට ඇවිල්ලා එක වට මේසෙකට ඇවිල්ලා රට බේරගන්න, පෙනී පෙනී වැටීගෙන යන රට වැටෙන තැනින් නවත්වාගෙන උඩට උස්සන්න කටයුතු කළ යුතු වෙලාව. අපිට අද ගල් ගැහුවට,චරිත ඝාතන කළාට අද මට හොරෙක් කියල කිව්වට මට නින්දා අපහාස කළාට ඒවාට අපි සැලෙන්නේ නැහැ. අවුරුදු 54කට ආසන්න පක්ෂයේ දේශපාලන ජීවිතයේ නින්දා,අපහාස,අපවාද සියල්ල මට හොඳට හුරුයි. අද අපේ රටේ ප්‍රශ්න ගොඩයි.ගොවි ජනතාව ජීවත් වෙන්නේ කඳුලින්.මේ ගොවි ජනතාවගේ දුක ගැන පාර්ලිමේන්තුවේදී මම පහුගිය අවුරුද්දක් විතර තිස්සේ කතා කරනවා.පොළොන්නරු ජනතාවගෙන් ජන්දය අරන් ගිහින් පොළොන්නරුවෙන් ඉන්නවා ආණ්ඩුවේ මැති ඇමතිවරු තුන්දෙනෙක් මම හැර. ඒ එක්කෙනෙක්වත් තමුන්නාන්සේලා ඇහුවද පාර්ලිමේන්තුවේදී හරි ඉන් පිටතදී හරි මේ ගොවි ජනතාව විඳින දුක ගැන කතා කරලා තිබෙනවා. නැහැ. හැමදේටම yes සර් ඔව් සර්. එච්චරයි.” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටින ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...

ඉන්දියානු ජනරජ දිනය සැමරීමට නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

කොළඹ LNW:ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 වෙනිදාට යෙදෙන ඉන්දීය...

දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ...