සජබ සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටු 3ක විධායක සාමාජික ධුරයට දේවිකා කොඩිතුවක්කු

Date:

සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ, ජාතික පවුල් සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සහ රෝග නිවාරණ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ විධායක සාමාජික ධුරය සඳහා එම්. ජී. දේවිකා කොඩිතුවක්කු මහත්මියව පත් කිරිමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.

ඇය රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ධුරය දරන අතර දේශපාලන සහ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ද කටයුතු කරමින් සිටියි. 1969 අගෝස්තු මස පේරාදෙණියේදී උපත ලද ඇය පේරාදෙණිය සරසවි උයන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයේ විද්‍යා අංශයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබුවාය. පාසල් සමයේ සිටම විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරතව සිටි ඇය රතු කුරුස සමාජයට එක්වී ඉතා කෙටි කාලයක් තුළ රතුකුරුස හෙදියක් ලෙස ද කටයුතු කිරිමට වරම් ලැබීය.

දශක දෙකකට වැඩි කාලයක් පුරා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට සිදුවන අසාධාරණකම් සඳහා නොබියව පෙනී සිටි ඇය රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය සභාපතිනිය, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කාරිනිය ආදී තනතුරු රැසක් ද හෙබවා තිබේ.

ඇය සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ඉටු කළ ඉමහත් සේවාව හේතුවෙන් සාම ශ්‍රී දේශාභිමාණී සේවා කීර්ති සම්මානයෙන්, මාස් ලංකා ගෞරව සම්මානයෙන් සහ සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ සංවිධානය විසින් පිරිනැමූ ගෞරව ආචාර්ය සම්මානයකින් ද පිදුම් ලැබීය. එසේම 2003 වසරේදී මුළු දිවයිනටම සාම විනිසුරු ධුරයෙන් පිදුම් ලැබූ දේවිකා කොඩිතුවක්කු මහත්මිය විසින් මේ වන විට මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. ඇයගේ එම දැනුම, හැකියාව, අත්දැකීම්, පළපුරුද්ද සහ දක්ෂතාව උපයෝගී කර ගෙන මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්ති සම්පන්න කිරීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත්වීම ලබා දී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...

 ශ්‍රී ලංකා ආයෝජක සමුළුව සාර්ථකව ඩුබායිහිදී..

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : කොළඹ කොටස් හුවමාරුව...