*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

සුරංගනා කතාව – ගෙම්බා සහ කුමරිය

කුමරිය හිතුවේ සිපගත්තට පස්සේ ගෙම්බා කුමාරයෙක් වෙයි කියලා. පළමු සිපගැනීමෙන් එහෙම උණේ නෑ. ඒත් කුමරිය අධෛර්‍යමත් උණේ නෑ. ඇය කාලය අරන් විටින් විට ටික ටික ගෙම්බව සිපගත්තා. කිසිම වෙනසක් නෑ… ගෙම්බා කුමාරයෙක් වෙන පාටක්ම නෑ… ඒත් ඒ වෙනකොට විටින් විට සිපගෙන ගෙම්බව අතහැරලා යන්න බැරි තරම් කුමරිය ගෙම්බට බැඳිලා. ගෙම්බගෙ ගොරහැඩි කටහඬ, කැත පෙනුම, පැන පැන යන ගමන, හමේ සෙවල ගතිය කුමරියට දැන් පුරුදුවෙලා…

ඒක ආදරයක් නෙවෙයි… අනුකම්පාවක්, දයාවත් අතර දෝලනය වෙන මොකක්දෝ එකක්. කුමරියගෙ යාළුවෝ හිනාවුණා කවදාවත් කුමාරයෙක් නොවන ගෙම්බෙක් එක්ක මොකද ඔයා මේ නටන නාඩගම කියලා අහමින්. කුමරිය හිනාවුණා විතරයි …. ඇත්තටම ඒක ඇයටත් නොහිතෙනවා නෙවෙයි. ඒත් ඇයට මොකක්දෝ බලාපොරොත්තුවක් තිබුණා එක රෑක ගෙම්බා අතුරුදහන් වෙලා කුමාරයෙක් ඇඳ උඩ වාඩිවෙලා ඉඳියි කියලා. ඉතිං හැමදාම රාත්‍රියට එහෙම හිතාගෙන කුමරිය ගෙම්බව සිපගෙන නින්දට යනවා… උදේට ආයෙම බක බක ගාන කැත ගෙම්බම තමයි ඉන්නේ…

මෙහෙම කාලයක් ගතවෙනවා. එක දවසක උදේ කුමරිය ඇඳෙන් බහින්න හදනකොට ඇයට බැහැගන්න බැරිවෙනවා….. දෙයියනේ…. කුමරිය ගෙම්බියක් වෙලා.

කුමරිය බයවෙලා කෑ ගහනවා…. ඒත් පිටවෙන්නේ බක බක සද්දයක් විතරයි. කුමරියට එකපාරටම මතක්වෙනවා පහුගිකාලේම මේ ගෙම්බා “කුමාරයෙක්” කිරීමේ කටයුත්තට මහන්සි වුණ නිසා තමන්ගේ කුමාර ජීවිතය අත හැරි හැරී ඇය ටික ටික ගෙම්බියෙක් බවට පත්වුණා නේද කියලා…

කමක් නෑ…. දැන් තමන් කිසිම අවුලක් නැතුව ගෙම්බට ගැලපෙනවනේ නේද කියලා සැහැල්ලුවක් එනවා. අළුත් ගෙඹි ජීවිතේ සතුටින් පටන් ගන්න ඕනෙ….

ඉතිං කුමරිය යනවා ගෙම්බා ළඟට. ගෙම්බා ඇයව දැකලා සිනහවක් පාලා ඈත බලාගෙන ඉන්නවා… කුමරියට පුදුමයි පහුගිකාලේම තමන් ළඟ දැවටුණ ගෙම්බගේ හැසිරීම ගැන… ඇය ගෙම්බට කතාකරනවා. දැන් දෙන්නම එකම භාෂාවක් කතාකරන්නේ. ගෙම්බාගේ භාෂාව තේරෙනවත් එක්කම කුමරියට තේරෙනවා ගෙම්බා ආත්මාර්ථකාමී, උන්නතිකාමී, කුමාරයෙක් වීමේ සිහිනය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට ලෑස්තියෙන් දුෂ්ඨ ගෙම්බෙක් බව. ඌ කුමරියට හුරතල් වෙලා, අහිංසක වෙලා ඇය පස්සේ දැවටිලා තියෙන්නේ කුමාරයෙක් වෙන්න…

දැන් ගෙම්බට, ගෙම්බියෙක් උණ කුමරියගෙන් කිසිම වැඩක් නෑ. ගෙම්බියෝ නං ඕනැතරං ඉන්නේ… ගෙඹිලෝකයේ කිසිවක් නොදන්න කුමරිය අසරණයි. අවුරුදු ගානක් කුමාරයෙක් කරන්නට තමන්ගේ ජීවිතේ කැපකරපු කුමරියට ගෙම්බාගේ මේ හැසිරීම පුදුමයකට වඩා හිත හිරිවැටෙන සත්‍යයට අභිමුඛවීමක්. ඇත්තටම ඇයට ඕනෙ උණේ ඇයි ගෙම්බෙක් කුමාරයෙක් කරගෙන තමන්ට ලබාගන්න….? දැන් ඇයට මතක්වුණා ඒකට හේතුව ඇය ආදරය කල හැම කුමාරයෙක්ම ඈයට පීඩාකල බව. ඇගේ රූපයට විතරක් බැඳුන බව. උන් තවත් කුමරියන් පසුපස ලුහුබඳින බව. ඉතිං ඒකයි ඇයට ඕනෙ උණේ ගෙම්බෙක්ගෙන් ඇයටම වෙන්වුණ කුමාරයෙක් හදාගන්න. නමුත් දැන් ඇයට තේරෙනවා ගෙම්බෝත් එහෙම තමයි කියලා… ඇය හිරිවැටුණා ආත්මයෙන්ම…..

ඉතිං අවසානයේ වේදනාවෙන්, බඩගින්නෙන් කුමරිය දොරමුල්ලකට වෙලා ඉකිබිඳිමින් බලාගෙන ඉන්නවා “කුමාරයෙක්” ඇවිත් තමන් සිපගෙන ආපහු කුමාරියෙක් වීමේ බලාපොරොත්තුවෙන්… අඩුම ආපහු “කුමාරියෙක්” වෙන්නවත් පුළුවන් උණොත්…

ඒත් අවාසනාවකට දැන් ඇය දිහා බලන්නෙම “ගෙම්බෝ”…..

~ ලක්මාල් ධර්මරත්න

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan