පින් කැටත් කඩන කාලයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 28 කොළඹ (LNW): ඊයේ (27) අලුයම හාලිඇල ශ්‍රී බිම්බාරාම විහාරස්ථානය සහ බෝගහමඩිත්ත ශ්‍රී ජේතවනාරාම විහාරස්ථානය ට ඇතුලු වී ඇති සොරකල්ලියක් විහාරස්ථානවල තිබූ පිංකැට දෙකක් කඩා විහාරස්ථානයේ ආවාස ගෙයි තිබූ මුදල් ,ආරක්ෂිත කැමරා උපකරණ කට්ටල ඇතුලු රුපියල් 97000ක් පමණ වටිනා දේපළ සොරාගෙන ගොස් ඇති බව හාලිඇල පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කරන්නේ, විහාරස්ථානය වසා තිබියදී දොරේ ඉබ්බා කඩා ආවාස ගෙට ඇතුලු වී ඇති සොරුන් එහි තිබූ මුදල් රුපියල් 67000ක්ද, විහාරස්ථානයේ ආරක්ෂිත කැමරා පද්ධතියේ රුපියල් 25000ක් වටිනා ඩී.වී.ආර් .යන්ත්‍රයද ගලවා සොරාගෙන විහාරගෙයි තිබූ පිංකැටය ද මෙසේ කඩා දමා ඇති බවයි.

තවද, විහාරස්ථානයේ වා කවුළුවකින් විහාරස්ථානයේ විහාරගෙට ඇතුලු වී ඇති සොරුන් එහි පිංකැටය කඩා මුදල් රුපියල් 5000ක් පමණ සොරාගෙන එම පිංකැටය විහාරස්ථානයේ චෛත්‍යය ආසන්නයේ දමා ගොස් ඇති බව පොලිසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...