ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 03 වන වාරිකය ලැබෙන හැටි

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 28 කොළඹ (LNW): ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මාර්තු මාසයේ 07 වනදා සිට IMF 3 වන වාරිකයට අදාළ දෙවන සමාලෝචනය ආරම්භ කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, IMF නියෝජිතයින් සති දෙකකට ආසන්න කාලයක් දෙවන සමාලෝචනය සිදුකරනු ඇතැයි විශ්වාස කරන බවයි.

එහිදී දෙසැම්බර් මස 31 වනදා දක්වා රජයේ මූල්‍ය තත්ත්වය සහ අනෙකුත් එකඟතා සම්පූර්ණ කිරීම පිළිබඳව සමාලෝචනය කරනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දෙවන සමාලෝචනය අවසන්වීමෙන් පසුවන කාර්යමණ්ඩල එකඟතාවයට පැමිණි පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකය හිමිවනු ඇති බවට විශ්වාසය පළකරන බව මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා වඩිදුරටත් සඳහන් කළේ‍ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...