*
Monday, May 20, 2024
spot_img

Latest Posts

ජනපති “සංහිඳියාව සඳහා ආගම්” ජාතික අන්තර් ආගමික සමුළුව අමතයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 28 කොළඹ (LNW): ජාතිවාදය සහ ආගම්වාදය බැහැර කළ ලොව සියලු රටවල් වේගවත් සංවර්ධනයක් උදාකරගත් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණ බව සඳහන් කළේය.

දේශපාලනඥයන් බලය ලබා ගැනීමේ සහ ආගමික නායකයන් සිය තනතුරුවල රැඳී සිටීමේ කෙටි මාර්ගය බවට ජාතිවාදය සහ ආගම්වාදය පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දීර්ඝ කාලයක් පුරා සිදුවූ මෙම කටුක අත්දැකීම රට බිහිසුණු යුද්ධයකට ඇද දැමූ බවද සිහිපත් කළේය.

එබැවින් රට තුළ සංහිඳියාව සහ ආගමික සහජීවනය ගොඩනැඟීමට සියලුදෙනා එක්විය යුතු බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වෙනුවෙන් රජය මේ වන විට සාධනීය පියවර රැසක් ගෙන තිබෙන බවද පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “සංහිඳියාව සඳහා ආගම්” ජාතික අන්තර් ආගමික සමුළුව අමතමිනනි.

දිස්ත්‍රික්ක 17ක් ආවරණය කරමින් වසර 3ක් පුරා ක්‍රියාත්මක කරන ලද “ගැටුම් විපරිවර්තනය උදෙසා වූ බහුවිධ ක්‍රියාකාරීත්වය” ව්‍යාපෘතියේ අවසානය සනිටුහන් කිරීම වෙනුවෙන් මෙම අන්තර් ආගමික සමුළුව සංවිධානය කර තිබුණා.

මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් සහ නියෝජිතයන් ද , හිටපු කථානායක කරු ජයසූරිය, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමාන් (Dr. Felix Neumann), ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් සැන්ඩල් එඩ්වින් ශල්ක් (Sandile Edwin Schalk), මිසරියෝ සංවිධානයේ ශ්‍රී ලංකාව සහ ඕෂනියා කලාපීය නිලධාරී කොරීනා බෘක්මාන් (Corinna Broeckmann), යුරෝපා සංගමයේ සහයෝගීතා ප්‍රධානී යොහාන් හෙස් (Johann Hesse) යන මහත්ම මහත්මීන් ඇතුළු තානාපති කාර්යාලවල නියෝජිතයින්, අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝතී සරවනමුත්තු, ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ සභාපති ආචාර්ය ජෝ විලියම් යන මහත්වරු ඇතුළු නිලධාරීන් සහ “ගැටුම් විපරිවර්තනය උදෙසා වූ බහුවිධ ක්‍රියාකාරීත්වය” ව්‍යාපෘතියේ නියෝජිතයන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan