දකුණු කොරියාවේ ජනගහනය වර්ධනය අඛණ්ඩව සිව්වන වසරටත් හැකිලී යයි

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 28,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු කොරියාවේ සංඛ්‍යාලේඛන ආයතනයේ මුලික දත්ත වලට අනුව, 2023 දී අලුත උපන් දරුවන් සංඛ්‍යාව 230,000 ක් වූ අතර එය පෙර වසරට වඩා 7.7% ක අඩුවීමක් පෙන්නුම් කරන බව පැවසේ.

ඒ අනුව දකුණු කොරියාවේ වර්ධනය අඛණ්ඩව සිව්වන වසරටත් හැකිලී ගොස් ඇත.

ශීඝ්‍රයෙන් වයස්ගත වන ජනගහනය සහ දරුවන් නොමැතිකම සමඟ අරගල කරන උතුරු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෙයෝල්ගේ නායකත්වයෙන් යුත් වත්මන් පරිපාලනය, පහත වැටෙන උපත් අනුපාතය ආපසු හැරවීම ජාතික ප්‍රමුඛතාවයක් බවට පත් කර ඇති මුත්, දරුවන් ඇති දැඩි කිරීමේ වියදම් ඉහල යාම සහ දේපළ මිල ගණන්, ජිවන වියදම් ඉහල යාම, හොඳ වැටුප් සහිත රැකියා හිඟය සහ රටේ කප්පාදු අධ්‍යාපන ක්‍රමය විශාල පවුල් ඇති කර ගැනීමට බාධාවක් බවට පත්ව ඇත.

සියැටල්හි වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතනයට අනුව, දකුණු කොරියාවේ අඩු සශ්‍රීකත්ව අනුපාතය දිගටම පවතින්නේ නම්, ආසියාවේ පස්වන විශාලතම ආර්ථිකයේ ජනගහනය 2100 වන විට මිලියන 26.8 දක්වා අඩකින් අඩුවනු ඇතැයි පුරෝකථනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...