ශ්‍රී ලංකාවෙන් පැතිකුදය (Scoliosis) රෝග තත්ත්වය තුරන් කිරීමේ මෙහෙයුමට පා ගමනක්!

Date:

කොළඹ LNW:මෙරට දරුවන් දීර්ඝකාලීනව පීඩාවට පත්වන පැතිකුදය රෝගී තත්ත්වය තුරන් කිරීම සඳහා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් ලබන සෙනසුරාදා (02) කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහයේ අනුග්‍රහයෙන් මෙය සංවිධානය කරනු ලබන්නේ ලංකා E doc ආයතනය බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය නිලූකා වැලිකල මහත්මිය පවසයි.

කොළඹ සහ ගම්පහ ජාතික පාසල් රැසක දරු දැරියන් සහභාගීත්වයෙන් මාර්තු 02 සෙනසුරාදා පෙරවරු 7.00 ට කොළඹ නිදහස් චතුරස්‍රයේ සිට විහාරාමහා දේවි උද්‍යානය දක්වා ගමන් කරන මෙම පා ගමන ප්‍රවාහන අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරනු ලබයි.

පා ගමන අවසානයේ විහාරමහා දේවි උද්‍යානයේ දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් නොමිලේ පැවැත්වෙන වෛද්‍ය සායනය එදින පස්වරු දෙක දක්වා පැවැත්වෙන බවයි ආචාර්ය වැලිකල මහත්මිය පවසන්නේ.

මෙම පා ගමනට හා සායනයට ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහයේ ජාත්‍යන්තර අංශයේ උප සභාපති ජිතු ජෝස් ,එම රෝහලේ ශල්‍යකර්ම ආයතනීය ප්‍රධානී සජන් කේ හෙග්ඩේ, එහි කොඳුවට පෙළ ශල්‍ය වෛද්‍ය විශේෂඥ අප්පායි ක්‍රිෂ්ණන්, වෛද්‍ය විග්නේෂ් සහ ඉන්දීය හා ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරු ද එක් වෙති.

සැක සහිත පැතිකුද රෝග තත්ත්වයන් ඇති දරුවන්ගේ දෙමව්පියන් තම දරුවන් මෙම සායනයට රැගෙන එන ලෙස ද ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචි වීම 0743913395 WhatsApp අංකය ඔස්සේ සිදුකළ හැකි බව ද ආචාර්ය වැලිකල මහත්මිය නිවේදනය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය