HIV නව ආසාදිතයින් වාර්තා වීම14%කින් වැඩි වෙලා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 කොළඹ (LNW):2022 වසරට සාපේක්‍ෂව 2023 වසරේදී HIV නව ආසාදිතයින් සියයට 14.3ක වර්ධනයක් පෙන්නුම් කරන අතර, මේ වනවිට HIV නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ, අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කරයි.

පසුගිය වසරේ දී නව HIV ආසාදිතයින් 694 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් වැඩි දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර, පිරිමි පුද්ගලයින් 611 දෙනෙකු නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 88ක් බව පැවසේ.

කාන්තාවන් 81 දෙනෙකු නව HIV ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 11.7ක් බව වාර්තා වේ.

ඇස්තමේන්තුගත HIV ආසාදිතයින් සංඛ්‍යාව 4,100ක් පමණ වන බවත්, 2022 වසරේදී ද නව HIV ආසාදිතයින් 607දෙනෙකු වාර්තා වී ඇත.

විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසන්නේ, යම් පුද්ගලයෙකු හට HIV ආසාදනය වී ඇත්නම් එහි රෝග ලක්ෂණ පෙන්වීම සඳහා වසර 8ක පමණ කාලයක් ගත වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...