*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපන් රැකියා අවස්ථා!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 කොළඹ (LNW): ජපානයේ ගොඩනැගිලි පිරිසිඳු කිරීමේ සේවා අංශයේ වෘත්තීය රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත වන අතර එම ශ්‍රමිකයින් තෝරා ගැනීම සදහා වන පරීක්ෂණ මෙම වසරේ ජුනි මාසයේදී ආරම්භ වේ. ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජපානයෙන් කළ ඉල්ලීමක් අනුව බව සඳහන් වේ.

අමාත්‍යවරයා සහ ජපානයේ ගොඩනැගිලි පිරිසිඳු කරන්නන්ගේ සංගමය අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡවකදී මේ බව අනාවරණය වී ඇත.,

සිය ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් ලබාදෙමින් මෙම රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත කිරීම සම්බන්ධයෙන් ජපන් රජයට සහ ආගමන විගමන විශය භාර එරට අධිකරණ අමාත්‍යවරයාට මනුෂ නානායක්කාර මහතා සිය ස්තුතිය පුද කළේය.

එන් 4 මටටමේ ජපන් භාෂා ප්‍රවීනතාවය ලබාගත් අයට SSW ඛාණ්ඩය යටතේ මේ සදහා සුදුසුකම් ලබන අතර සුදුසුකම් තහවුරු කරගැනීමේ පරීක්ෂණ කොටස් දෙකකින් සමත්විතවේ.

එහිදී ලිඛිත පරීක්ෂණයක් මෙන්ම ප්‍රායෝගික පරීක්ෂණයක්ද පැවැත්වේ. ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ක්ෂේත්‍රය යටතේ SSW පරීක්ෂණය සදහා මුහුණදීමට අපේක්ෂිත ශ්‍රමිකයින් සදහා වන පුහුණු අවස්ථා සම්බන්ධයෙන් අමාත්‍යවරයා විමසා සිටි අතර එයට ප්‍රතිචාර දැක්වූ ජපන් නියෝජිතයින් සදහන් කළේ ඒ සදහා අවශ්‍ය පෙළපොත් සහ වීඩියෝ පට සකස් කර ඇති බවය. ඒවා ජනතාව අතරට ගෙන යාම සදහා ක්‍රමවේදයක් සකස් කරන ලෙසට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදුන්නේය.

මෙම රැකියා සදහා යොමුවන ශ්‍රමිකයින්ට SSW 2 මට්ටමට යොමුවීම මගින් කළමනාකාර තනතුරු සඳහා යොමුවීමටද අවස්ථාව හිමිවන බවත් එමගින් ජපානයේ ස්ථිර පදිංචියටද අවස්ථාව හිමිවන බවද ජපාන නියෝජිතයින් මෙහිදී පෙන්වා දුන් අතර, ජපානයේ  ගොඩනැගිලි පිරිසිදු කරන්නන්ගේ සංගමයේ විශේෂ නියෝජිත Sachio Sugiyama ඇතුළු ජපන් නියෝජිතයෝ මෙම සාකච්ඡාව සදහා එක්ව සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan