මෛත්‍රිට නිවස ලබාදීමට අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 කොළඹ (LNW): පසුගියදා අමාත්‍ය මණ්ඩලය විසින්, මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට ගනු ලැබූ තීරණයෙන් ,මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව අදාළ නිවස ලබාදීම සඳහා 2019 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් ඔහුගේ නායකත්වයෙන් යුත් ඇමති මණ්ඩලයකින් අදාළ නිවස ඔහුට අනුමත කර ගැනීම සම්පුර්ණයෙන්ම නීතියට පටහැනි බව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා පවසා ඇත.

ඔහු විශ්‍රාම යාමටත් පෙර මෙම නිවස තමාට වෙන්කර ගැනීම ද නීතියට පටහැනි බව තීන්දුවේ සදහන් බව පැවසේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා මෙම පෙත්සම ගොනුකර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...