හෙට (01) දින දකුණු පළාතට ශෝක දිනයක්

0
10025

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 කොළඹ (LNW): හෙට (01) දින අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනීද මැල් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීම හේතුවෙන් දකුණු පළාත සඳහා ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව පැවසේ.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව දකුණු පළාත තුළ පිහිටි සියලුම රාජ්‍ය ආයතනවල හෙට දිනයේ ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසට ඉල්ලීමක් ද සිදුකර ඇත.