ලබන අවුරුද්දේ වෘත්තීය පුහුණු බඳවා ගැනීම් 50,000 කින් වැඩිකරනවා – නි. ඇමති හේවගේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වෘත්තීය පුහුණු ආයතනවලට බැඳීම සඳහා දැනට වාර්ෂිකව සිසුන් 200,000ක් පමණ පැමිණෙන නමුත් එම ආයතනවලට බඳවා ගනු ලබන්නේ 125,000ක් පමණක් බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

“මගේ අමාත්‍යාංශය වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය. අවුරුද්දකට 125,000ක් ඔයාලාගෙ දරුවෝ බාරගන්නවා අපි. ජර්මන් ටෙක් එකට, යුනිවෝ ටෙක් එකට, සාගර විශ්වවිද්‍යාලයට, VTA එකට, ටෙක්නිකල් කොලේජ්වලට 125,000ක් බන්දා ගන්නවා. මම බලනකොට සාමාන්‍යයෙන් ලක්ෂ දෙකක් විතර අපේ ගාවට එනවා, බන්දාගන්නෙ 125,000 යි, අනිත් දරුවො හරවලා ගෙදර යවනවා. ලබන අවුරුද්දේ අපි අඩුගාණෙ 175,000ක් බන්දා ගන්නවා. හදනවා වැඩේ, බයවෙන්න එපා. ඔයාලාගෙ දරුවොන්ට කියන්න අපෙ ගාව හොඳ පාඨමාලා තියෙනවා. විශාල වටිනා පාඨමාලා තියෙනවා. ජර්මන් ටෙක් එකෙන් පිටත්වෙන දරුවොන්ට ලක්ෂ ගණන් පඩි. ගොඩක් ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ. දැනට බන්දාගන්නෙ 657 යි. මම ඉල්ලුවා ළඟ අක්කර 4ක ඉඩමක් තියෙනවා, දෙන්නම් කියලා කිව්වා. ලබන අවුරුද්දේ අපි 1000ක්වත් බන්දාගන්න වැඩි කරනවා. එහෙම තමයි කරන්න ඕනෙ. එහෙම නැතිව මේ කාණු අස්සෙ, පාලම් අස්සෙ, බෝක්කු අස්සෙ ඉන්න තරුණයො හදලා වැඩක් නෑ. ඒ තරුණයො තමයි කුඩු ගහන්නෙ, ඒ තරුණයො තමයි පාතාලේ රුපියල් 3000ට මිනීමරන්නෙ. තරුණයින්ට බැනලා වැඩක් නෑ, ඒ තත්වයට බලපාපු පරිසරය වෙනස් කරන්න ඕනෙ”

නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 28) පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...