රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW :
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ දැවැන්ත හමුදා ප්‍රහාර මාලාවකින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රජයේ මාධ්‍ය තහවුරු කර තිබේ.
මෙයට ප්‍රතිචාර වශයෙන් ඉරාන හමුදා විසින් ඊශ්‍රායලයට සහ ඇමරිකානු කඳවුරුවලට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් වේ.
තෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක ප්‍රබල පිපිරීම් වාර්තා වන අතර, දෙපාර්ශවය අතර පවතින මෙම ගැටුම මගින් කලාපීය යුදමය තත්ත්වයක් නිර්මාණය වී ඇත.




