*
Tuesday, April 16, 2024
spot_img

Latest Posts

පෝලන්තය සහ ස්විඩනය එක්ක පාපන්දු ලෝකයම රුසියාව එක්ක පාපන්දු බැහැ කියයි

යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව ගෙන යන යුදමය ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරන පෝලන්තය සහ ස්විඩනය ඉදිරියේදි පැවත්වීමට නියමිත ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී රුසියාව සමඟ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර ඇත.ලොව ජනප්‍රියම ක්‍රීඩාව හැටියට සැළකෙන පාපන්දු ක්‍රීඩාවේදී පෝලන්තය සහ සවීඩනය ගෙන ඇති තීරණය ලෝකයේ පාපන්දු ලොලීන්ගේ විරෝධය රැසියාව දෙසට දැඩිව එල්ල වෙන්නට හැකි හේතුවක් විය හැකි බව විචාරකයන්ගේ මතය වන අතර මේ වන විට ඒ තත්ත්වය තවත් පියවරක් පෙරට ගෙන යමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය රුසියාවට තරග තහනමක් පනවන්නට ක්‍රියා කර ඇත.

පෝලන්ත පාපන්දු සංගමයේ සභාපතිවරයා මේ සමබන්ධයෙන් ස්වීඩනය සහ චෙකොස්ලොවේකියාව සමඟ ද සාකච්ඡා කර ඉදිරියේදී පොදු මතයක් ඉදරිපත් කරන්නට නියමිත බව ද පෙන්වා දී ඇත.රුසියාව සහ පෝලන්තය අතර තරගයේ ජයග්‍රාහකයා ස්විඩනය සහ චෙක් ජනරජ තරගයේ ජයග්‍රාහකයා සමඟ තරග කිරිමට නියමිත අතර යම් හෙයකින් තරග තීරණ අනුව චෙකොස්ලොවෙිකියාව හෝ ස්විඩනය රුසියාව පිළිගතහොත් ඔවුන් ද රුසියාව ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයකට පත් කිරීම පෝලන්ත පපාපන්දු බලධාරීන්ගේ අරමුණ වි ඇත.

ස්විඩනය මේ වන විටත් එම තීරණයට එකඟ වන අන්දමෙන් ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය කුමන තීරණයක් ගත්තත් තම රට රුසියාව සමඟ තරග නොකරන බවය.පෝලන්තයේ සහ ස්වීඩනයේ පාපන්දු ප්‍රධානීන්ගේ මතයට එම රටවල නායකයන්ද එකඟතාවය පළ කර තිබීම විශේෂත්වයකි.යුරෝපා පාපන්දු සංගමයද නිවේදනයකින් දන්වා සිටින්නේ රුසියාව කිසිඳු ක්‍රීඩා තරගයක් පැවත්වීමට සුදුසු තත්ත්වයක නොමැති බවය.

ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව ද රුසියාවේ මෙන්ම බෙලරුසියාව ද මේ වන විට ජාත්‍යන්තර තරගවලට සහභාගි කර ගැනිමට සිටින අවස්ථා සියල්ල අවලංගු කරන ලෙස ඉල්ලා ඇත.එමෙන්ම එම දෙරටේ ජාතික කොඩි ප්‍රදර්ශනය සහ ජාතික ගීත ක්‍රීඩා උළෙලවල ප්‍රදර්ශණයෙන් සහ ගායනයෙන් වැළකිය යුතු බවට ද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත.

ජාත්‍යන්තර ක්‍රීඩා ප්‍රජාව දැඩි ලෙස මේ වන විට රුසියාව යුක්රේනයට කරන පහරදීම් නිසා සාමාන්‍ය මිනිස් ජීවිත ද ඇතුළුව විනාශ වෙන දේපළ සම්බන්ධයෙන් රුසියාව දැඩි පිළිකුලෙන් හෙලා දකිමින් සිටින අතර ක්‍රීඩා කේෂ්ත්‍රය හරහාම රුසියාව මෙන්ම ඔවුන්ගේ අත් උදව්කරුවා බවට පත් වි සිටින බෙලරුසියාව ද ලෝකයෙන් කොන්විම ඇරඹි තිබෙන බවක් දකින්නට හැකිය.

මේ සියලු කාරණා දෙස සුපරික්ෂාකාරීව අවධානය යොමු කරමින් සිටි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය යුරෝපා පාපන්දු සම්මේලනය ද සහභාගි කර ගනිමින් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් රුසියාව 2022 කටාර් හී පැවත්වෙන ලෝක කුසලානය සම්බන්ධයෙන් ක්‍රියාත්මක සියලු තරගවලින් ඉවත් කරන්නට තීරණය කර ඇති බව දන්වා ඇත.එමෙන්ම එය රුසියානු පාපන්දු ක්‍රීඩා සමාජවලටද ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වීමට බාධකයක් වනු ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan