එක රටක් එක නීතියක් කාර්යසාධක බලකායේ නිළ කාලය මාස 03 කින් දිගු කරයි

Date:

එක රටක් – එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිළ කාලය මාස තුනකින් දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මෙම ජනාධිපති කාර්ය සාධක බලකායේ නිළ කාලය ඊයේ දිනයෙන් අවසන්වීමට නියමිතව තිබිණි. කෙසේ නමුත්, කාර්ය සාධක බලකායට පවරා තිබූ වගකීම් තවමත් අවසන්ව නොමැති නිසා තවත් මාස තුනක කාලයක් ලබාදීමට තීරණය කර තිබේ.

ජනාධිපති කාර්යාලය පවසන්නේ, මුළු දිවයිනම ආවරණය වන පරිදි, එක රටක් එක නීතියක් සම්බන්ධයෙන් ජනතා අදහස් ලබා ගැනීමට නියමිත බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...