රුසියානු ප්‍රහාරවලින් ඉන්දියානුවෙක් මරුට – යුක්රේනයේ සිටින විදේශිකයන්ගේ ජීවිත අනතුරේ

Date:

රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය ශිෂ්‍යකෙු මරණයට පත්ව තිබෙනවා. මෙම මරණය වාර්තා වන්නේ රුසියානු ප්‍රහාර හේතුවෙන් මියගිය පළමු විදෙස් ශිෂ්‍යයා ලෙසයි.

යුක්රේනයේ කාර්කිව් නගරය ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මෙම ඉන්දියානුවා මියගොස් තිබේ.

21 හැවිරිදි මෙම කර්ණාටක වෛද්‍ය ශිෂ්‍යයා ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙළඳ සංකීර්ණයක පෝලිමේ සිටියදී ෂෙල් ප්‍රහාරය එල්ල වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මෙම මරණය පිළිබඳව සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. මෙම මරණය ඉතා අවසානාවන්ත සිදුවීමක් බවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. මෙම ශිෂ්‍යයා කාර්කිව් නගරයේ රජයට අයත් ගොඩනැගිල්ලක් අසල පදිංචිව සිටි අතර එම ස්ථානයද රුසියානු ප්‍රහාර හේතුවෙන් විනාශයට පත්ව තිබෙනවා.

ඉන්දීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 16,000 කට වැඩි ප්‍රමාණයක් යුක්රේනයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවෙමින් සිටින අතර ඔවුන් බේරා ගැනීම සඳහා ඉන්දීය රජය මේ වනවිටත් යුක්රේනය වෙත සිය ගුවන් යානා යවා තිබෙනවා.

තවත් රටවල් රැසක් යුක්රේනයේ සිටින සිය රටවැසියන් බේරා ගැනීම සඳහා මැදිහත්වෙමින් සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...