කණිෂ්ඨ මලල ක්‍රීඩයන්ට ජ්‍යෙෂ්ඨ වෙන්න අවස්ථාව

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 01, කොළඹ (LNW): හෙට සහ අනිද්දා (මාර්තු 2-3) දෙදින තුළ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවත්වීමට නියමිත ජේෂ්ඨ සහ කණිෂ්ඨ තේරීම් තරඟවලදී කණිෂ්ඨ ක්‍රීඩකයින් ජ්‍යෙෂ්ඨ අංශයට අදාල සුදුසුකම් සපුරා ඇත්නම්, තමාගේ හෝ පුහුණුකරුගේ කැමැත්ත අනුව ජේෂ්ඨ අංශයෙන් තරග කිරීමේ අවස්ථාව ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය දැණුම් දෙයි.එහෙත් මී. 100 කඩුළු, මී. 400 කඩුළු සහ මී. 110 කඩුළු මතින් දිවීමේ ඉසව්වලදී කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම අවස්ථාව හිමිවන්නේ නැත.ඒ කඩුළුවල උස ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ අංශවලට අනුව වෙනස් වන බැවිනි.
කෙසේ නමුත් මේ අවස්ථාව හිමිවන්නේ තමා හෝ තමාගේ හුණුකරුගේ කැමැත්ත නියමිත කාල රාමුව ඇතුළත දැණුම් දී තිබෙන ක්‍රීඩකයින්ට පමණි.එහෙත් එම අවස්ථාව දෙන අතරම ශ්‍රීලංකා මලලක්‍රීඩා සංගමය ඒ සම්බන්ධයෙන් වන අපහසුතාවයකදී හෝ වෙනත් අසීරුතාවයකදී කිසිදු වගකීමක් නොගන්නා බව ද දැණුම් දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...