සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 02, කොළඹ (LNW): ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිඥභාවය අහිමි කළ නාගානන්ද කොඩිතුවක්කු මහතාට මහජන යහපත සඳහා ගොනු කරන කිසිදු නඩු කටයුත්තක් වෙනුවෙන් ඉදිරියේදී පෙනී සිටීමද තහනම් කර ඇති බව, ඔහුගේ නීතිඥභාවය අහෝසි කරමින් දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙහි සඳහන් කර ඇති බව වාර්තා වේ.
ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මේ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර, අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ ප්‍රමුඛ විනිසුරු මඬුල්ලක් විසින් විභාගයට ගත් නඩුවකට අදාළව නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් දිවුරුම් පෙත්සමකින් අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන්ට අවමන් සහගත ආකාරයෙන් ප්‍රකාශ සිදු කර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල විය. එසේම නීතිඥ වෘත්තීයට නොගැළපෙන සහ ලෙස අධිකරණය තුළ කටයුතු කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල විය. මේ ක්‍රියා මඟින් වෘත්තීය විෂමාචාර ක්‍රියාවක නිරත වූ බවට චෝදනා කොට නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොනු කර තිබූ බව සඳහන් වේ.