*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ගෙවුණු දවසේ පුවත් සාරාංශය Daily News @8 (03/01)

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 02, කොළඹ (LNW):

@ නොදියුණු රටක් ලෙස අපට තවදුරටත් ඉදිරියට යන්න බැහැ – ජනපති රනිල් ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරිමේ උත්සවයට එක්වෙමින් පවසයි.

@රටට බත සපයන ගොවීන්ගෙන් ජල බද්දක් අය කිරීමේ කිසිදු අපේක්ෂාවක් නෑ – අනුරාධපුර දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිත හමුවේදී ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

@ ලුතිනන් කර්නල් රත්නප්‍රියබන්දු සමගි ජන බලවේගයට එක්වෙයි-

@බැසිල් රාජපක්ෂ ලබන සතියේ යළි දිවයිනට – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මාර්තු 05 වනදා යළි මෙරටට පැමිණෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.

@ශ්‍රී ලංකාව හා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම හරහා රට තිරසාර සංවර්ධනයක් කරා ගමන් කරනවා ,– කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය.

@ අපි ජනාධිපතිවරණයයි මහමැතිවරණයයි දිනුවාට පස්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා – ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි,

@ කෙහෙළියගේ පතල් සභාපති ඉල්ලා අස්වෙයි- භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය සංජය පෙරේරා මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.


@ මත්ද්‍රව්‍ය ගේන ලොක්කෝ ඉන්නේ පාර්ලිමේන්තුවේ බවත්, ඔවුන් අල්ලන්නේ නැති බවත් NPP සමන්ත විද්‍යාරත්න පවසයි.

@ කථානායකගේ තීන්දුව වැරදි නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න –
පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් කථානායක විසින් ගනු ලැබූ තීන්දුව වැරදි නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බව ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

@ දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ අරන් චම්පික දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ මනෝ ගනේෂන් හමුවෙන්නත් යයි!

@ ඩොලරය අඩු වුණත් තෙල් මිලේ අඩුවක් නෑ


@ ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරින් 2500 කට පත්වීම් ලබා දීම අද –

@ පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරලා, ගුරුවරුන් පිරිසක් CID යයි!

@ තවදුරටත් වැස්ස නොලැබුණොත් සිද්ධ වෙන දේ. කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළ බසමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.

@ මාර්තු මාසයේ දී ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරයි.

@ අහුන්ගල්ල පෞද්ගලික හෝටලයක් ඉදිරිපිට වෙඩි තැබීමක්!


@ බාල බෙහෙත් නඩුවේ තවත් සැකකරුවෙකුට රතු නිවේදන

@ බංග්ලාදේශයේ ඩකා අගනුවර ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 43 දෙනකු මිය යයි

@සහනාධාර ගන්න ආ ගාසා වැසියන්ට ඊශ්‍රායල ප්‍රහාර, මිය ගිය සංඛ්‍යාව 100 ඉක්මවයි!

@ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රභූ පර්යන්තයෙන් බංගලාදේශයට පිවිසෙයි

හමුවෙමු දවසේ පුවත් විස්තරය ,සතියේ දේශපාලන විග්‍රහය , ඉන්සයිඩ් ස්ටෝරීස් සහ කාචයේ සටහන සමඟින්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan