අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 02, කොළඹ (LNW): අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2024 වර්ෂයේ සංශෝධිත පාසල් වාර සටහන ප්‍රකාශයට පත් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, පෙබරවාරි මස 19 වනදා ආරම්භ වු පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි.

පළමු වාරයේ දෙවන අදියර අප්‍රේල් මස 24  වනදා සිට මැයි මස 03වනදා දක්වා ක්‍රියාත්මක වන අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ආරම්භ වන පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 20 වනදා සිට මැයි මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වෙයි.

අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. දෙවන පාසල් වාරය ජුනි මස 03 වනදා සිට අගෝස්තු මස 16 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි.

2024 වසරේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු මස 26 වනදා සිට නොවැම්බර් මස 22 වනදා දක්වා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගයෙන් අනතුරුව තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025 වසරේ ජනවාරි මස 02 වනදා ආරම්භ කිරීමට නියමිත බව පැවසේ.

තව දුරටත් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ, 2024 තෙවන පාසල් වාරය අවසන් වීමට නියමිතව ඇත්තේ 2025 වසරේ ජනවාරි මස 17 වනදා බවයි.

ඒ පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!

සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...

සේවක අර්ථසාධක අරමුදලට අලුත් වැඩක්!

කොළඹ LNW:සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා...

විභාග අක්‍රමිකතාවක් පිළිබදව තොරතුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: අද (25) පැවති කැබිනට්...

නවීණ තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්වයේ ඩිජිටල් අත්දැකීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: භෞමික ප්‍රතිසම රූපවාහිනී නාලිකා...