*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

බොරු පුහු විප්ලවවාදීන්ගේ රැවටිලි කතාවලට අහු වෙන්න එපා – විපක්ෂ නායක සජිත්

අධ්‍යාපනයේ වෙනසක් සිදු කිරීමට යන විට විවිධ පුද්ගලයන් මහපාරට බැස උද්ඝෝෂණය කරන නමුත් එම බොරු විප්ලවවාදීන්ගේ් ළමුන් ඉගෙන ගන්නේ ජාත්‍යන්තර පාසල් හා විශ්වවිද්‍යාලවල බවත් තවදුරටත් මේ බොරු පුහු විප්ලවවාදීන්ගේ රැවටිලි බස්වලට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමානාත්මතාව තිබිය යුතු වුවත් එය සිදුවිය යුත්තේ් අධ්‍යාපනය නවීකරණය වීමෙන් වුවත් මෙකී බොරු විප්ලවවාදීන් එයට විරුද්ධ වන්නේ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට අනෙකුත් දරුවනුත් සම වීම ගැන ඇති අකැමැත්ත නිසා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 113 වැනි අදියර යටතේ මිහින්තලය සිවලාකුලම සීවලී මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට පසුගියදා (29) එක්වෙමිනි.

ගෘහ සේවය ⁣ වගේම හෙද සේවය ගැනත් සිතමු

රටේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් අදටත් ගෘහ සේවයට විදේශ රටවලට ගියත් එහි ප්‍රගතියක් සිදු වී නැති බවත් රටක් ලෙස ගෘහ සේවයට වඩා හෙද සේවය අපනයනය කරන්න හැකි නම් විශාල විදේශ විනිමය උත්පාදනය කළ හැකි බවත් සමගි ජන බලවේගය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බංකොලොත්භාවයෙන් ගොඩ එන්න ඩොලර් වගේම හොද දැක්මකුත් ඕන

බංකොලොත් රට එම බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට ⁣රුපියල්,⁣ ඩොලර් මෙන්ම මුදල් සෙවිය හැකි ප්‍රතිපත්ති දැක්ම දර්ශනයක්, වැඩපිළිවෙළක්,නායකත්වය සහ කණ්ඩායමක් වැදගත් බවත් ඒ සඳහා සමගි ජන බලවේගයට හැකියාවක් ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අප රට ඇ. ඩොලර් බිලියන 90ක් ණය කාරයෝ වී ඇති බවත් ඒක පුද්ගල ණයබරතාව ලක්ෂ 12ක් බවත් මින් ගොඩ ඒමට නම් දිගුකාලීන සැලසුමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අමනෝඥ දේශපාලනයට යොමු වූ නිසා රට විනාශ වුණා

ඉංග්‍රීසි භාෂාවට මුල්තැන දෙනවා කියද්දි සජිත් ප්‍රේමදාස විජාතීය වෙලා විදේශීය භාෂාවලට මුල්තැන දෙනවා වැනි කතා කියමින් නැවතත් ජනතාව අන්දවන්න කුහකයෝ උත්සාහ කරන බැවින් එවැනි මෝඩ කතාවලට හසු නොවන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා පැවසුවේ මේ අමනෝඥ දේශපාලනට බහුතරයක් යොමු වු නිසා අප රටක් ලෙස අමාරුවේ වැටී ඇති බවයි.

සුහුරු අධ්‍යාපනය වගේම සුහුරු ගොවිතැනත් වැදගත්

සුහුරු අධ්‍යාපනය සේම සුහුරු ගොවිතැන කෙරෙහිද අවධානය යොමු කළ යුතු බවත් අප රටේ වගා කටයුතු කිරීමට බීජ පවා නොමැති බවත් බීජ සුරක්ෂිතභාව පවා අහිමි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රුහුණු විශ්වවිද්‍යාලයෙ මහාචාර්ය අරුණ කුමාර මහතාගේ දත්ත අනුව අක්කරයකට අවශ්‍ය මාලු මිරිස් බීජ සදහා රු. 288000ක් තක්කාලිබීජ සදහා රු. 69000ක් වම්බොටු බීජ සදහා 40800ක් වැටකොළු බීජ සදහා 72090 ක් වියදම් වන බවත් මෙි නිසා ගොවිතැනින් ලාබ ලැබිය නොහැකි බවත් පසු අස්වනු තාක්ෂණය අනුගමනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 82ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3992ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 112ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1115ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan