චූටි චූටි දේවල් වෙනවා. ඕවා ජාතික ප්‍රශ්න නෙවෙයි – තෙල් පෝලිම් ගැන ඇමති නාමල් කියන කතාව

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්ධන පෝලිම් ඇතිවීම, හදිසියේ විදුලිය විසන්ධි වීම වැනි පොඩි පොඩි දෑ සිදුවන නමුත් ඒවා ජාතික ප්‍රශ්න බවට පත්නොවන බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

ප්‍රශ්නය – ආපහු තෙල් පෝලිම් ඇවිල්ලා තියෙනවා. මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නෙ ?

“ඇත්තටම මෙහෙමයි ඉතින්, සමහර පොඩි චූටි චූටි පොඩි පොඩි කතන්දර වෙන අවස්ථාවන් තියෙනවානෙ. හිටි ගමන් විදුලිය බිඳවැටෙනවා, සන්නිවේදනය හිටිගමන් බිඳවැටෙනවා, ඒ වගේ පොඩි පොඩි ඇබැද්දි සිද්ධ වෙනවා. ඒ ඇබැද්දි සිද්ධ වුණායි කියලා මේක ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙන්නෙ නැහැ. එහෙම ප්‍රශ්නයක් ඇතිවෙන්න කිසිම හේතුවක් නැහැ. තාවකාලිකව සමහර චූටි චූටි දේවල් මතුවෙනවා, නැත්තෙ නැහැ. ඔය හිටිගමන් කරන්ට් එක යන්නෙ, එහෙම වෙනවා”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 01) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...