විශ්වවිද්‍යාල ආචාර්ය වැටුප් 15000 – 30000 දක්වා වැඩිවෙනවා, දීමනාවලට හානියක් නෑ කිව්වා – FUTA ලේකම්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2025 අප්‍රේල් මාසයේ සිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට රුපියල් 15000 සිට 30000 දක්වා වැටුප් වැඩිකිරීමක් ලැබෙන්නේ යැයි මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූ බව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසයි.

“නියෝජ්‍ය මුදල් ඇමතිතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක ආවෙ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අප්‍රේල් මාසයේ සිට මේ පවතින ප්‍රමාණයට වැඩිය 15,000 සිට 30,000 දක්වා ප්‍රමාණයක වැටුප් වැඩිවීමක් සියලුම ආචාර්යවරුන්ට යම් යම් මට්ටම්වලින් ලැබෙනවා කියන එක, වැටුප්වල අඩුවීමක් සිදු නොවෙනවා කියන කාරණය. ඒ වගේම දැනට තියෙන දීමනා 2027 ලැබෙන මූලික වැටුපට අනුව සකස් කරනවායි කියන කාරණය. විශේෂයෙන්ම තියෙන දීමනා සම්බන්ධ ප්‍රතිශතාත්මක අඩුකිරීමක් කරලා තිබ්බාට ඒවායේ වටිනාකමේ අඩුවීමක් සිදුවෙලා නැහැයි කියන කාරණය, අනෙකුත් දීමනා – පෙන්ෂන් එක, ග්‍රැටිවිටි, යූපීඑෆ් කියන දීමනාවලට හානියක් වෙලා නැහැයි කියන කාරණයත් පැහැදිලි කළා. වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ඒක මොන ආකාරයට අපි භාරගන්නවාද කියන කාරණය අපි ඉදිරියට සාකච්ඡා කරන්න සහ එහි යම් ගැටලු ඇත්නම් ක්‍රියාමාර්ග තෝරන්න අපි කටයුතු කිරීමට සූදානම්”

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා මේ බව පැවසුවේ පෙරේදා (28) පාර්ලිමේන්තුවේදී මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...