රුපියල ශක්තිමත් වීමට හේතුව මෙන්න!

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටින්නේ ,පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ඩොලර් බිලියන 1.7ක්ව පැවැති විදේශ සංචිත ප්‍රමාණය 2023 වසරේ පෙබරවාරි මාසයේ මුල් සතිය වන විට 23.5%ක වර්ධනයක් අත් කර ගනිමින් බිලියන 2.1ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි . එය ඩොලර් මිලියන 400ක වර්ධනයකි.

රජය විසින් ගනු ලැබූ යහපත් ආර්ථික තීන්දු තීරණවල ප්‍රතිඵල ලෙස රුපියල ශක්තිමත් වෙමින් පවතින බවත් , අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් රුපියල ශක්තිමත් වෙමින් පවතින්නේ රට තුළ ඇති දේශපාලන ස්ථාවරත්වය සහ සාමකාමී වතාවරණය මත බවයි.

ආහාර උද්ධමනය 2022 වසරේ සැප්තැම්බර් මාසය වන විට 94.9%ක පැවතුනු බවත් එය 2023 ජනවාරි මාසය වන විට 60.1% දක්වා පහළ බැස තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

2022 වසරේ සැප්තැම්බර් වන විට 29,802ක් ලෙස පැවැති සංචාරක පැමිණීම 261%ක වර්ධනයක් අත් කර ගනිමින් 2023 පෙබරවාරි වන වට 107,639ක් ලෙස සටහන්ව ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

රෂිකා හෙන්නායක