පොඩි මැණිකේ තුළදී මනාලියක් වූ විදෙස් යුවතිය…

Date:

පසුගිය දා ලස්සන සිදුවීමක් පොඩි මැණිකේ දුම්රියකොළඹ පැමිණීමේ දී දකින්නට ලැබුණා. ඒ දුම්රිය කොළඹට එන අතරමග උඩරට මනාලියක සේ සැරසීමට විදෙස් ජාතික කාන්තාවකට අවස්ථාව හිමි වුණා.

මෙම සිදුවීම ඇත්තටම හමු දෙයක් ලෙසයි සලකන්න වෙන්නේ. මන්ද ඒ අවස්ථාවේ දුම්රිය තුළ, මනාලියන් හැඩගැන්වීමේ තරගයකට සහභාගි වී යළි දුම්රියෙන් පැමිණෙමින් සිටි රූපලාවන්‍ය ශිල්පිනියන් කණ්ඩායමක් සිට ඇති අතර මෙම විදෙස් කාන්තාවක් කළ ඉල්ලීමකට අනුවයි ඇයට මෙසේ මනමාලියක් ලෙස සැරසීමට අවස්ථාව හිමිවෙන්නේ.

එහිදී ඇය පවසා ඇත්තේ ඇයට ශ්‍රී ලාංකික උඩරට මනාලියක සේ සැලසීමට ඉතා ආශාවක් ඇති බවයි. පසුව රූපලාවණ්‍ය ශිල්පිනියක විසින් මේ ලෙස දුම්රිය තුළ දී විදෙස් කාන්තාව තම සිත් සේ උඩරට මනාලියක් ලෙස සැරසීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඇය එසේ සැරසීමෙන් පසු ඉතා ප්‍රීතියෙන් ඉපිළී ගිය බව දකින්න ලැබිණි. ඇය විදෙස් කාන්තාවන් වුවත් අපේ දේශීය සුන්දරත්වයට කෙතරම් ඇලුම් කරනවාදැයි වෙනත් සාක්ෂි අවශ්‍ය නැත…

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...