05 වැනිදා විදුලි කප්පාදුව අවසන් – නිළධාරීන් ජනපතිට සහතික වෙයි

Date:

ලබන 05 වැනිදායින් පසුව විදුලි කප්පාදුව සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිළධාරීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වී තිබෙනවා. විදුලි හා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ඔවුන් මේ බව සඳහන් කර තිබේ.

ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වාගෙන යාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කරන ලෙස ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස්දී තිබේ.

දිවයින පුරා සියලු ඉන්ධන හල් වෙත හෙට (03) සිට අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීම සිදු කරන බැවින් අනිසි බියකින් නිකරුනේ ඉන්ධන එක්රැස් කර තබා ගැනීමෙන් වැළකී සිටින ලෙස ඛනිජ තෙල් නිළධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...