අවුරුදු අටක් ඇදෙන අයථා වත්කම් නඩුවට විමල් මෙවරත් නෑ. අධිකරණයෙන් සිතාසි

Date:

2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල ආදායමින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක පමණ මුදල් හා වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ඊයේ (01) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ද විමල් වීරවංශ මහතා එහි පෙනී නොසිටි අතර ඔහුගේ නීතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ ඔහු පාචනය, වමනය හා උණ රෝගී තත්වයකින් පෙළෙන බවයි.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණය හමුවී කරුණු දක්වමින් විත්තිකරු පසුගිය සැප්තැම්බර් මස 13 වන දා සිට අසනීප තත්ත්වයන් බව සඳහන් කරමින් අධිකරණය හමුවේ වරින් වර පෙනී නොසිටීම නිසා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර ගැනීමට නොහැකි වී ඇති බවයි. ඒ අනුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කරගැනීම සඳහා දින නියම කරන ලෙසත් එදිනට අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විමල් වීරවංශ මහතාට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඒ මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

මෙහිදී මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ද විත්තියේ නීතීඥවරුන්ට පෙන්වා දී ඇත්තේ විත්තිකරු වරින් වර අසනීප බව පවසමින් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කරගැනීමට නොහැකි වී ඇති බවයි.

ඒ අනුව, නඩුව මාර්තු 22 වනදා නැවත කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා එදින අනිවාර්යෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුට සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.

මෙම නඩුවට අදාළව අධිචෝදනා ගොනුකර ඇත්තේ 2016 වසරේදී වන අතර වසර අටක් තිස්සේ මෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය හෝ අවසන් කරගැනීමට නොහැකි වී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...