සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 03, කොළඹ (LNW): දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 36 දශම 9 දොඩංගොඩ ප්‍රදේශයේදී කැබ් රථයක් සහ කුඩා ලොරි රථයක් එකිනෙක ගැටී සිදු වු අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව අධිවේගී රථවාහන පොලිසිය අවසයි.
තුවාල ලබා ඇත්තේ කුඩා ලොරියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා බව පැවසේ. කුඩා ලොරිය කඩවත දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබියදී එම දිශාවටම ධාවනය වූ කැබ්රථය ලොරියේ පිටුපස ගැටීමත් සමඟම ලොරිය මාර්ගයේ පෙරළී යාමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
අනතුරක් සමගම වහා එම ස්ථානයට ළඟා වූ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ගැලනිගම පොලිසියේ රථවාහන නිලධාරීන් සහ ජීවිත ගලවා ගැනීමේ සහ ගිනි නිවීමේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි.
ගැලනිගම රථ වාහන පොලිසිය පරීක්ෂණ පවත්වන අතර , කැබ් රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වී තිබූ බව වැඩිදුරටත් පැවසේ,
