ලන්ඩනයේ විසූ සොඳුරු ශ්‍රී ලාංකිකයකුගේ නික්මයාම!

Date:

විශ්‍රාමික වියානි ප්‍රනාන්දු රදගුරු තුමන්ගේ ඥාති පුත්‍රයකු වූ, එක්සත් රාජධානියේ කින්ස්ටන් වල විසූ නිශාන්ත ගමගේ මහතා අභාවප්‍රාප්‍ත වී ඇත.

වසර 20කට අධික කාලයක් එක්සත් රාජධානියේ කින්ස්ටන් ප්‍රදේශයේ ජීවත් වූ ඒ මහතා මිය යන විට 58 වන වියේ පසුවිය.

කොළඹ ශාන්ත පීතර විදුහලේ ඉතා දීප්තිමත් ආදි සිසුවකු වන නිශාන්ත ගමගේ මහතා ලන්ඩනයේ සමාජශීලී කටයුතුවල මෙන්ම, තම ආගම දහමට සහ අන් ආගම් වලටද , තමා උගත් පාසලට ද නිරන්තරයෙන් උදව් උපකාර කළ අයෙකි. එනිසාම නිශාන්ත ගමගේ මහතා සමාජයෙහි ප්‍රසිද්ධියට පත්ව සිටියෙකි.

නිශාන්ත ගමගේ මහතා දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකි. ඔහුගේ නික්ම යාම ඔහුගේ දරුවන්ට සහ ආදරණීය බිරිඳට මෙන්ම සමාජයට , ඔහුට ආදරය කරන්නන්ට දැඩි සංවේගයක් සහ පාඩුවකි.

ගමගේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මාර්තු 05 සහ 06 දවල් 12 pm – 05 Pm දක්වා 4 The metro center, st Jons’s road, Isewirth,Hounslo, TWT 6NJ හිදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

ඒ මහතාගේ අවසන් කටයුතු මිනුවන්ගොඩදී මාර්තු 10 වන දින සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ඥාතීන් දැනුම් දෙයි.

ශ්‍රී ලාංකාවේ මිතුරන් වෙනුවෙන් සමන්ත ඒකනායක ලන්ඩන් නුවර සිට

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...