*
Wednesday, March 19, 2025
spot_img

Latest Posts

සුලෝහිත සංග්‍රාමයට ජනපති එක්වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 03, කොළඹ (LNW): අද (03) පස්වරුවේදී ,දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ පිරිමි පාසල් ද්විත්වයක් වන ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර කොළඹ SSC පිටියේ දී පැවැත්වෙන 94 වැනි “සුලෝහිත සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරඟය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් වූ බව සඳහන් වේ.

දිවංගත ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ අභියෝග ශූරතා කුසලානය වෙනුවෙන් “සුලෝහිත සංග්‍රාමය” මහා ක්‍රිකට් තරඟය මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්වෙන අතර එහි අවසන් දිනය අද වේ.

සිසුන් දිරිමත් කරමින් තරගය නැරඹීමට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරගය නැරඹීමට පැමිණ සිටි පිරිස සමඟ ද සුහද කථා බහක නිරත වූ අතර, ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක සහ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ඉරාන් චමිපික ද සිල්වා යන මහත්වරුන් විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

හිටපු කථානායක කරු ජයසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan