කුමන්ත්‍රණවලට අපි බය නැහැ.කිසිම ඉන්ධන හිඟයකුත් නැහැ.නිකුත්කරපු ඉන්ධන ඇනවුම් ගණන් හිලව් එක්කම සභාපති කියයි!

Date:

කොළඹ LNW:මේ වන විට රටේ කිසිම ආකායකින් ඉන්ධන හිඟයක් ඇතිවීමට හේතුවක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ්.ඒස් ද ඒස්.රාජකරුණා මහතා අද (03) දිනයේදී ද මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් අවධාරණය කළේය.

මෙය කිහිප දෙනෙකුගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් වන අතර එය කුමන්ත්‍රණයක් ද යන සැකයද මතුව තිබෙන නමුත් රජයත් ඛනිජ තෙල් සංස්ථාවත් කටයුතු කරන්නේ එක ස්ථාවරයක හිඳිමින් වන හෙයින් ඕනෑම කුමන්ත්‍රණයකට මුහුණ දීමේ හැකියාවක් පවතින බවයි රාජකරුණා මහතා පැවසුවේ.

වත්මන් රජය කටයුතු කරමින් සිටින්නේ වසර ගණනාවක සිට පැවති ප්‍රශ්නයක් විසඳීමට බවද ඔහු අවධාරණය කළේය.

”3%ක් කියන එක විකුණුම් මිලට තියෙන එක විද්‍යාත්මක නැහැ කියන එක අවස්ථා ගණනාවකදීම ඔප්පු වෙලා තියෙනවා. අනීතික විදිහට ඒගොල්ලන්ට ලැබුණු මුදලම ලබාගන්න ඔවුන් උත්සහ කරනවා. ඒ අතරේ දැන් ලැබෙන තොරතුරු අනුව මේක යම් කුමන්ත්‍රණයක් ද කියන සැකය මතුවෙනවා. මොකද ඒක ඇතුලේ මේගොල්ලෝ බලපෑම් කරලා, වෙනත් සමාගම් ලංකාවට දැන් ඇවිල්ලා තියෙනවා,ඒගොල්ලොත් එක්ක යනවා කියල වෙනම කුමන්ත්‍රණයක් කරලා ඉවර වෙලා ඒ හරහා දේවල් ටිකක් කරන්න උත්සහ කරනවා. ඉතා පැහැදිලියි මේකේ බෙදුම්කරුවන් කිහිපදෙනෙක් කරපු ප්‍රකාශයන් හරහා තමයි රටේ ජනතාවට මේ ගැටළුව මතුවුණේ. ඒකෙම කොටසක් ද කියන සැකය මතුවෙනවා. ඒ හින්දා ඔවුන් ජනාධිපති වෙත හෝ කවුරු වෙත ගිහින් ලිපි ඉදිරිපත් කළත් රජයත් තෙල් සංස්ථාවත් සියලු දෙනා එක ස්ථාවරයක ඉදන් කටයුතු කරන්නේ. ඒ නිසා ඕනෑම කුමන්ත්‍රණයකට මුහුණ දෙන්න රජය සූදානම්.”

මේ අතර ප්‍රශ්නය මතුවූ පසුගිය 28 වැනිදා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඩීසල් මෙට්‍රික් ටොන් 4322ක් නිකුත් කර ඇති අතර පසුගිය 01 වැනිදා ඩීසල් මෙට්‍රික් ටොන් 8568ක් ද ඊයේ (02) ඩීසල් මෙට්‍රික් ටොන් 3159ක් නිකුත් කර ඇත.

මේ අතර පසුගිය 28 වැනිදා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3221ක් නිකුත් කර ඇති බවත් පසුගිය 01 වැනිදා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7878ක් සහ ඊයේ (02) දින පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3579 ක් නිකුත් කර ඇති හෙයින් මෙම තත්ත්වය මත කිසිම ඉන්ධන හිඟයක් ඇතිවීමට හේතුවක් නොමැති බව රාජකරුණා මහතා අවධාරණය කරන ලදී.

ප්‍රශ්නය සම්බන්ධයෙන් බෙදුම්කරුවන් සමඟ සාකච්ජා කිරීම සඳහා හෙට (04) දිනයේ අවස්ථාව දී ඇති අතර එම සාකච්ජාවේදී අවශ්‍ය කරුණු සාකච්ජා කළ හැකි බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...

ගත්ත විදිහක් කියාගන්න බැරි වූ වත්කම්!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට...