පෙබරවාරියෙත් සංචාරක වාර්තාවක්!

කොළඹ LNW:පසුගිය පෙබරවාරි මාසයේ 232,000 ඉක්මවූ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව 2025 පෙබරවාරි 01වනදා සිට 27වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 232,341ක් දිවයිනට පැමිණ තිබේ.

ඉන් වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් පැමිණ තිබෙන අතර එම සංඛ්‍යාව 34,006ක් ලෙස දැක්වෙයි.

රුසියාවෙන් සංචාරකයන් 29,241ක් සහ එක්සත් රාජධානියෙන් සංචාරකයන් 24,830ක් පැමිණ ඇති අතර ඒ අනුව මෙම වසරේ මුල් මාස 2 තුළ මෙරටට සංචාරකයන් 485,102ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

2025 වසරේදී විදේශීය සංචාරකයන් ලක්ෂ 25ක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සැලසුම් සකස් අකර තිබෙන අතර එම ආදායම ඇමරිකානු ඩොලර් බිලියන පහක ඉලක්කයක් බවට වත්මන් රජය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 16) දිනයේදී දිවයිනේ බොහෝ...

අවුරුද්දෙන් දෙකෙන් ඔක්කොම කරන්න බෑ, මේ ආණ්ඩුව අවුරුදු 10ක්වත් ඉන්න ඕනෙ – දිට්වා පැටළුණු ඇමති TB

බලයට පැමිණ වසර දෙකක් ගතවෙද්දී පොරොන්දු ඉටු කළාදැයි ඇතැමුන්...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරමක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්වයක්

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස...

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...