“අරුණෝදය” නේවාසික වෘත්තිය පුහුණු ව්‍යාපෘතිය

Date:

බන්ධනාගාර ගත රැඳවියන් පුහුණු ශ්‍රමිකයන් ලෙස බලගන්වා නිපුණතාවයෙන් පරිපුර්ණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියෙහි නේවාසිකයන්ගේ කුසලතා ඇගයිමේ ප්‍රථම අදියර වශයෙන් ඇවන්ගාර්ඩ් මෑන්පවර් රෙකෘටින් පුද්ගලික සමාගමේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ආරම්භ කරන ලද ඇවන්ගාර්ඩි ව්‍යාපෘතියේ පුහුණු ශ්‍රමිකයන් හා ඔහුන්ගේ පවුල්වල ඥාතින් සමඟ පවත් වන ලද අරුණෝදය වැඩසටහන මීගොඩ නිලරෝ උත්සව ශාලාවේ 2022.02.27 වන දින පෙරවරු 11.00 සිට පස්වරු 4.00 දක්වා රැඳවියන් 27 දෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් 127 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි .

මෙහි අරමුණ වශයෙන් බන්ධනගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ තවත් එක් අරම්භයක් ලෙස ඇවන්ගාර්ඩ් මෑන්පවර් රෙකෘටින් පුද්ගලික සමාගමේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව නේවාසිකයන් පුහුණුකරුවන් ලෙස බලගන්වමින් ඔහුන්ගේ කුසලතාවයන් හා නිපුනතාවයන් ඇගයිමට ලක් කර යහපත් පුරවැසියන් ලෙස හා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වු පුද්ගලයෙකු ලෙස සමාජ ගත කිරීමයි. එම වැඩසටහනේ ප්‍රථම කණ්ඩායම වෙත සහතික පත්‍ර ප්‍රධානය කිරිමත්, නේවාසිකයන් සදහා පුහුණුව ලබා දෙමින් පුහුණු ශ්‍රමිකයන් ලෙස රටේ ශ්‍රම බලකායට එක් කිරීමත්, පුහුණු ශ්‍රමිකයන් ලෙස මෙම නේවාසිකයන් විදේශ රැකියා සදහා යොමු කිරීමත් ඔහුන්ට විදේශිය භාෂා පුහුණු ලබා දිමත්, නේවාසිකයන් බලගන්නවා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ගේද ආර්ථික තත්වය ශක්තිමත් කිරීමත් මෙමගින් බලාපොරොත්තු වේ.

මෙම වැඩසටහන යටතේ රැඳවියන්ගේ පවුල් හා රැඳවියා අතර සුහදතාවය වර්ධනය කිරිමත් විනෝදයෙන් තම දුදරුවන් සමඟ කාලය ගත කිරිමත්, රැදවියන්ගේ දුදරුවන් වෙත ත්‍යාග ලබා දිමත්, එදින රැඳවියා හා තම පවුලේ හිතවතුන් සමඟ දිවා අහාරය ලබා ගැනිමට කටයුතු සුදානම් කර තිබිමත්, රැඳවියා විසින් උපයන ලද වැටුපෙන් කොටසක් ඥාතින් වෙත ලබා දිමත් සිදු කරන ලදි .

මෙම උත්සව අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුසිත උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා, ඇවන්ගාර්ඩ් මෑන්පවර් රෙකෘටින් පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ මේජර් ජනරාල් චන්ද්‍රවංශ මහතා, ඇවන්ගාර්ඩ් මෑන්පවර් රෙකෘටින් පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ජයසුරිය මහතා, වටරැක බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති මහතා, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ මහතා ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී විය.

Department of Prisons – Sri Lanka Facebook
Sponsored Article

May be an image of 8 people, people standing and indoor
May be an image of 6 people, people standing, indoor and text
May be an image of 7 people, people standing and text that says "Department 0 Prisons PRISON MEDIA Follow Fl Us On WwW prisons. gov Department Prisons Sri Lanka media. prisons@gmail.com"

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...