චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරය ඇරඹේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 04,, කොළඹ (LNW): අද (4) බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේදී චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරය ආරම්භ වූ බව සඳහන් වේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු පක්ෂ හා රජයේ නායකයෝ එහි ආරම්භක උත්සවයට එක් වූ අතර, චීන මහජන දේශපාලන උපදේශක ජාතික කමිටු‍වේ ප්‍රධාන කාර්යයන් වන්නේ රටේ පාලනය වෙනුවෙන් දේශපාලන උපදේශන ලබාදීම, ප්‍රජාතන්ත්‍රීය අධීක්ෂණය සිදු කිරීම, රජයේ කටයුතුවලට එක් වීම හා අදාළ කරුණු පිළිබඳ අදහස් දැක්වීම වේ.

තවද, ලබන 11වැනි දා දක්වා පැවැත්වෙන චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරය සඳහා ආර්ථික, සංස්කෘතික හා අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර 34ක් නියෝජනය කරමින් දේශපාලන උපදේශකයෝ 2100කට වැඩි පිරිසක් එක් ව සිටින බව සඳහන් වේ.

චීන දේශපාලන, ආර්ථික, සමාජීය ඇතුළු කරුණු රැසක් පිළිබඳවද එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරෙන බව ද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...

අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු...

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත ප්‍රහාර එල්ල කරයි; සුදුකාරයා මෙවර පරාජය වනු ඇති බව ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...