මතීශ වැඩිපුර ඕවර් දෙකක් යැව්වත් බංගලාදේශයට ජය ගන්නට බැරි වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 05, කොළඹ (LNW): ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 3 ක තියුණු ජයකින් බංගලාදේශ ක්‍රිකට් සංචාරය ආරම්භ කරන්නට සමත් විය.පළමු විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තාන සංචාරයටත් වඩා හොඳි න් තරගයට පිවිසෙමින් ලකුණු 206 ක් ගබා ගැනීමට සමත් විය.ඒ වෙනුවෙන් බංගලාදේශයට ඔවුන් දවා ගැනීමට ඉඩ දුන්නේ කඩුලු 3 ක් පමණි.පන්දු 36 දී හයේ පහර තුනක් සහ හතරේ පහර හයක් සමගින් ලකුණු 59 ක් ලබා ගත් කුසල් මෙණ්ඩිස් ආරම්භක පිතිකරුවා ලෙස කඩුල්ල රැක ගන්නා අතරේම ක්‍රමයෙන් ප්‍රහාරාත්මක වේගය ද ඉහළ ලබන්නට දායක විය.


පන්දු 48 දී නොදැවී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමඟ ලකුණු 61 ක් ලැබූ සදීර සමරවික්‍රම සමඟ තෙවන කඩුල්ලට ලකුණු 96 ක් එක් කරන්නට කුසල් දායක විය.ලකුණු වේගය සහ කඩුලු ඉතිරිව තිබීම නිසා අවසාන ඕවර් කිහිපය තුළ නායක චරිත් අසලංක මල් වෙඩි සංදර්ශනයක් බඳු ඉණිමක් දියත් කරමින් හයේ පහර හයක් සමඟ පන්දු 21 දී ලකුණු 44 ක් ලබමින් පන්දු ඒවර් 20 නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 205 දක්වා ඔසවා තැබුවේය.


තරගාවලියට පෙර ලෝක සූරතාවය දිනූ රටක් වන එංගලන්තය පරාජය කිරීම,නවසීලන්ත තරගාවලිය සම කිරීම සහ ඇෆ්ගනිස්තානයට සහ අයර්ලන්තයට එරෙහිව බංගලාදේශය ජය ලැබීම වැනි කරුණු නිසා බොහෝ අය ශ්‍රී ලංකාව පරාජය වීමට ඇති සාධක ගනිමින් සිටියහ.එහි එක් සාධඛයක් ශ්‍රී ලංකා පිතිකරුවන් ඉටු කළ ද,පිටියේ කුඩා බව,බංගලිදේශයේ ප්‍රහාරාත්මක හැකියාව,විශේෂයෙන් පින්න සමඟ පන්දු යැවීමේදී පන්දුව පාලනය කිරීමේ දුෂ්කරතා මතු වීම වැනි කරුණු නිසා එම ලකුණු පූවරුව ප්‍රමාණාත්මක නොවන බව කියන්නට ද සාධක ඉතුරු වී තිබිණ.


සැබවින්ම ඒ තාරණාවන්හී අභියෝගයට ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නට සිඳු විය.ඊට අමතරව ඔවුන්ගේ ප්‍රහාරාත්මක බල ඇණිය වෙනුවෙන් ශිල්ප දැක් වූ මහමදුල්ලා දවා ගැනීමට තිබුණු පහසු උඩ පන්දුවක් සදීර සමරවිකුමගේ දෑතින් රූටා ගියේය.පන්දුව නිසා ආකාරයට යොමු කිරීමට නොහැකි වීමෙන් ෆුල්ටොස් පන්දු විශාල ප්‍රමාණයක් එල්ල වූ අතර එවැනි පන්දු විශේෂයෙන් මහමදුල්ලා සහ ජකීර් අලි නැවත්වූයේ ඉහළින්ම හතරේ සීමාවෙන් පිටය.පන්දු 31 න් ලකුණු 54 ක් ලැබූ මහමදුල්ලාහ් සහ පන්දු 34 න් ලකුණු 68 ක් ලැබූ ජකීර් අලී බංගලාදේශය ජයග්‍රහණය අසළටම ගෙනාහ.ඒ සඳහා නිසි ඉලක්කයට පන්දු නොයැවීමෙන් එකතු කළ වයිඩ් පන්දු සහ නෝ බෝල් පන්දු දැඬිව බලපෑවේය.මතීශ පතිරණ පමණක් වයිඩ් පන්දු 9 ක් සහ නෝ බෝල් පන්දු 3 ක් සමඟ බංගලාදේශයට වැඩි පුර ඕවර් 2 ක ට මුහුණ දීමට ඉඩා ලබා දුන්නේ එවැනි පන්දුවලින් ලකුණු පූවරුවට ද වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නට ඉඩ ලබා දෙමින්ය.


එහෙත් අතීතය හමාර කර විශ්වාසයෙන් සහ ශක්තිමත්ව ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කරන බවට පුහුණුකරු සිල්වර්වුඩ් කියූ කතාව පිටියේ මොනවට පැහැදිළි කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එකා වන්ව පිටියේ ජයග්‍රහණය වෙනුවෙන් සටන් කළහ.දසුන් ශානක අතට අවසාන පන්දු ඕවරය යැවීහ භාර වන විට දැවන්ත ප්‍රහාර වස්සමින් සිටි ජකීර් අලි ද නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.පන්දු 6 ට ලකුණු 12 ක් වූ ඉලක්කයක් යනු එවැනි තත්ත්වයක පහසු එකකි.එහෙත් ශානක පන්දු දෙකක් ඔහුව මුණ නොගැසී ජකීර්ව පන්දු යවන්නාගේ අන්තයේම තබා ගනිමින් තඩුල්ලක් ද අඩු කර ගන්නට සමත් විය.ඒ අනුව පීඩනය නැවත ජකීර් දෙසටද ආවේ කිසිඳු පන්දුවක් අතහැර පහර දීම වෙනුවට හැම පන්දුවකටම දිගු පහර එල්ල කරන්නට පෙළඹවීමක් කරමින්ය.


එහි ප්‍රතිපලයක් ලෙස ජකීර්ට හයේ පහර එල්ල කිරීම වෙනුවට ඊට උත්සාහ කර දැවී යන්නට පාර සකසා දෙන්නට දසුන් ට හැකි විය.දසුන්ගේ එම අවසාන පන්දු ඕවරයේ රැක ගත් චරිත් අසලංකගේ උඩ පන්දු දෙකම පහසු ඒවා නොවුණේ ඒවායේ තිබුණු අපහසුකමටත් වඩා තරගයේ ඒ මොහොතේ අවිනිශ්චිතභාවය විසින් ඇති කරන ලද පීඩනයද ඊට එකතු වී තිබුණු බැවින්ය.නායකයෙක් ලෙස ඇති වූ පීඩනය මෙන්ම,ආසන්න ලකුණු ගණනක් තිබියදී දැවන්ත ප්‍රහාරයක් එල්ල කරන පිතිකරුවා ද කඩුල්ලේ සිටියදී චරිත පෞද්ගලිකය ශ්‍රී ලංකා කණ්ඩායමේ අන් සියලුම ක්‍රීඩකයන්ට වඩා වගකීම් සහගත පීඩනයේ ගොදුරක් වීම සාමාන්‍ය තත්ත්ව වන්නේය.එය කළමණාකරණය කර ගැනීමේ හැකියාවට සාපේක්ෂව ක්‍රීඩකයාගේ වෘත්තීමයභාවයේ මට්ටම නිර්ණය කළ හැකි අතර චරිත් එහි දී ඉතා ඉහළ මට්ටමකින් සිය නායකත්ව වගකීම ඉටු කළ යුතු බව කිව යුතුය.සුපිරි ඉණිම සහ දුෂ්කර උඩ පන්දු තුන නිසාම චරිත්ට තරගයේ වීරයා වෙමින්ම නායකත්වයේ පළමු මොහොත ජයග්‍රහණයකින් නිමා කර ගන්නට ද හැකි විය.


ඒ අනුව බලන කළ ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායමක් ලෙස තරගයෙන් මනස ඈත් කර නොගෙන, එහිම ගැලී ජයම අපේක්ෂාවෙන් එක අරමුණක සිට ක්‍රිඩා කිරීම මෙහිදී පැහැදිළි විය.මීට ආසන්න ඉතිහාසයක පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම සහ මේ ජයග්‍රහණය ලබන කණ්ඩායම අතර මහා වෙනස්කම් නැත.පරිපාලනය වෙනස් වී ද නැත.වෙනස් වී ඇත්තේ පරිපාලනයට බලපෑම් කළ දේශපාලන අධිකාරිය ය.එම බලපෑම් කිරීම සඳහා ක්‍රීඩකයන්ගේ නම්වල කීර්තියේ ද කළු ඇතිල්ලෙන ආකාරයට දේශපාලකයන් විසින් සමස්ත ක්‍රිකට් සම්බන්ධයෙන් මේ පොළවේ අනාගතය සම්බන්ධයෙන් ඇති කළ අවිනිශ්චිතභාවය නිසාය.


බොහෝ අය ලංකාවේ පොළවේ පුහු සදාචාර මිමි මත පැටලී සහ දේශප්‍රේමයේ ඊනියා රංගනයන් හරහා ජන හදවත් දූෂණය වන ආකාරයෙන් ඇති කරන ඛේදණිය තත්ත්වයන් සමඟ පුහු වීරයන් විසින් මවා පෙන්නන ලද ක්‍රිකට් හී වැරදිවල එල්ලි ගියහ.ක්‍රිකට්වලට ප්‍රශ්න සහ අඩු පාඩු කම් සියයට සියයක් නොමැති වෙන්නට විදිහක් නැත.එහෙත් කේජු කෑල්ල කන්නට බොරු මවා පෙන්නන නරින්ගෙන් නම් ප්‍රවේශම් විය යුතුය.දැන් නෑවූ නරි අත හැර නැවත ක්‍රිකට් වෙත ආදරය වීසි කර දමන්නට හැකි ක්‍රිකට් උප සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමට මේ කණ්ඩායම රැත ගැනීමට සහ ඔවුන්ට දිරි දෙන්නට ක්‍රිකට් ප්‍රේමවන්තයන්ට දැන් මඟ කියන තරුවක් ඉදිිරිපට පායා ඇත.
ඒ තරුව කණ්ඩායම් හැඟීමෙන් සහ ජයග්‍රහණයේ විශ්වාසයෙන් ආලෝකමත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමය.
ලකුණු පූවරුවට මෙතනින් පිවිසෙන්න →
https://www.espncricinfo.com/series/bangladesh-vs-sri-lanka-2023-24-1419819/bangladesh-vs-sri-lanka-1st-t20i-1419824/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...