*
Friday, April 26, 2024
spot_img

Latest Posts

මුදල් ඇමති සමග කිසිම ගැටලුවක් නෑ, අපි බොහොම සුහදව කටයුතු කරනවා – මහබැංකු අධිපති

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා අතර ගැටුමක් ඇති බවට විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා පසුගිය 02 වනදා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

“කිසිම ගැටලුවක් නැහැ. මම බොහොම සුහදව එතුමාත් එක්ක අපි කටයුතු කරනවා, ඒකෙ කිසිම ගැටලුවක් නැහැ.

ඒ වුණාට අපි ප්‍රතිපත්තිමය ආකාරයෙන් අපටත් තියෙනවා යම්කිසි වගකීමක්, ඒ ප්‍රතිපත්තිමය තීරණ මුදල් අමාත්‍යාංශයට යොමුකිරීමටත් රජයට යොමුකිරීමටත්. ඉතින් ඒ ප්‍රතිපත්තිමය තීරණ යොමුකිරීම, ඒ පිළිබඳව අධ්‍යනය කරලා රජයට දැනුම්දීම අපේ වගකීමක්. ඒ වගකීම මම මුදල් මණ්ඩලයේ සභාපති හැටියටත් මහබැංකු අධිපති හැටියටත් ඉෂ්ඨ කරනවා. ඉතින් එය ඉෂ්ඨ කරද්දී සමහරවිට විවිධ අය ඒක බලාගෙන ඉන්නකොට විවිධ ආකාරයට අර්ථකථනය කරන්න පුළුවන්. ඒ වුණාට ඒ වගකීම අපි ඉෂ්ඨ කරනවායි කියන එක මම කියන්නට අවශ්‍යයයි”

අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මේ බව පැවසුවේ ඊයේ (04) ශ්‍රී ලංකා මහබැංකු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan