සාකච්ඡා අසාර්ථකයි, ගාසා තීරයේ සටන් විරාමයට බාධා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 06 , කොළඹ (LNW): ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , ඊජිප්තුවේ මැදිහත්වීමෙන් දින 3ක් පුරා පැවති සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වූ බවයි.

ලබන සිකුරාදා දිනයේ දී රාමදාන් උත්සව සමය ආරම්භ වීමට නියමිත අතර ඊට පෙර දෙපාර්ශවය අතර එකඟතාවයකට එළඹිය යුතු වන අතර, ඇමෙරිකාවේ කටාර් රාජ්‍යයේ හා ඊජිප්තුවේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සාකච්ඡා හරහා සති 6ක සටන් විරාමයක් ආරම්භ කිරීමට උත්සහ කෙරුණි.

එමෙන්ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම හා ගාසා තීරයට සැපයෙන ආධාර ප්‍රමාණය ඉහළ දැමීම ද එකඟතාවයන්ට ඇතුලත් වන බව එරට මාධ්‍ය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කරයි; මරණ සංඛ්‍යාව 3,117 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දෙසැම්බර් 28...

සත්‍යයේ මධුවිත ද මායා කුසලානවලින් අපි බිව්වෙ ?

සංතාප ගංතෙරේ‍,ඇතැම් විට සංතෝෂ ගිරි හිසේනිරන්තරයෙන් ඔබමොබ යනෙනඅපේ බර...

පළමු අර්ධයේ කරට කර සිට දෙවන අර්ධයේදී බින්දුවට වැටුණ ශ්‍රී ලංකා කාන්තාවන්ට දරුණ පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලිය...