(VIDEO):මාස 06න් අර්බුදය විසඳන්න චම්පික බලතල ඉල්ලයි!

Date:

කොළඹ LNW: පාර්ලිමේන්තු කමිටුවකට කෙටිකාලීන බලයක් ලබා දෙන්නේ නම් මාස හයකදී රාජ්‍ය ආදායම වර්ධනය කරන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

ඒ,අද (06) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

මුදල් අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව ඊට සහාය දැක්විය යුතු අතර රාජ්‍ය ආදායම වර්ධනය කිරීමේ ක්‍රමවේද, ක්‍රම සහ විධි කාරක සභාවට ඉදිරිපත් කර තිබෙන බවයි රණවක මහතා පැවසුවේ.

ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු කමිටුවට බලය අවශ්‍ය බව රණවක මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ගනුදෙනු සඳහා ඩිජිටල් වේදිකාවෙන් සැකසෙන අතර ඒ යටතේ e රුපියලක්, විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ආදිය සැකසීමට පියවර ගන්නා බවත් වියදම් සහ ආදායම් රැස් කිරීම Digital වේදිකාවක් ඔස්සේ සිදුකිරීමෙන් සියලු ගනුදෙනු වාර්තා වන තත්ත්වයක් නිර්මාණය කළ හැකි බවත් හෙතෙම කියෛස්ටියේය.

ඒ මත පදනම්ව බදු අය කිරීම විධිමත් කළ හැකි බවයි රණවක මහතා පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...