ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් වූ සැමරුම් උත්සවය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 06 , කොළඹ (LNW): අද (06) සුහුරුපාය ශ්‍රවණාගාරයේදී, මාර්තු මස අටවන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් වූ සැමරුම් උත්සවය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවති මෙම උත්සව අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, ආගමන විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර මහතා , රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමල ගුණරත්න මහතා සහ කාන්තා නියෝජිතවරියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මේ සඳහා, වර්තමානයේ කාන්තාවන් මුහුණපාන අභියෝගවලට මුහුණ දීමේදී පෙළ ගැසිය යුතු ආකාරය සහ ඊට විසඳුම් සපයා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සංවාදයක්ද සිදුවිය.ඊට ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය, ආබාධ සහිත කාන්තාවන්ගේ දේශීය එකමුතුවේ සභාපතිනි රසාංජලී පතිරගේ මහත්මිය, ව්‍යවසායිකා ලොනාලි රොඩ්‍රිගෝ මහත්මිය, නීතිඥ උදේනි තෙවරප්පෙරුම මහත්මිය සම්බන්ධ වූ බව සඳහන් වේ.

මෙහිදී රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය දියත් කිරීම අමාත්‍ය ටිරාන් අලස් මහතා අතින් සිදුවූ අතර, www.ngosec.gov.lk යන මෙම වෙබ් අඩවිය භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට...

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...