ඩයනාගේ පාස්පෝට් නඩුව කැඳවයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කූඨ ලේඛනයක් ඉදිරිපත් කර ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව ගොනුකර ඇති නඩුව ඊයේ (මාර්තු 05) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

එහිදී පැමිණිල්ලේ සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරිණි.

ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර විභාගය මැයි 28 වනදා දක්වා කල්තැබීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියම කළේ.

2004.10.09 – 2004.12.01 අතර කාලසීමාව තුළ පානදුර සහ කොළඹ ප්‍රදේශවලදී ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර කූඨ ලෙස මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් ඩයනා ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...