අනුරටයි අපටයි විතරක් කැක්කුම තිබිලා මේක කරන්න බෑ. අලුත් ඇඳුම් අඳින්න පුරුදු වෙන්න – ඇමති හඳුන් රජයේ සේවකයින්ට කියයි

0
7464

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ තමන් ඇතුළු කැබිනට් මණ්ඩලයට රට හැදීමට ඇති වුවමනාව රාජ්‍ය සේවයේ සිටින සියල්ලන්ටම ඇතිවිය යුතු බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“අද අපට තියෙන වුවමනාව, උනන්දුව අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවයේ ඉන්න හැමෝටම ඇතිවෙන්න ඕනෙ. ඒක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනයි කියලා නමින් දාගත්තාට වැඩකුත් නෑ, ඒක ඩිජිටල් ඉකොනොමිය කියලා නමින් නම්කර ගත්තාට වැඩක් නෑ, අනුර සහෝදරයාට විතරක්, කැබිනට් මණ්ඩලයේ අපිට විතරක් තියෙන කැක්කුමකින් ඒ දේ කරන්න බෑ. ඒ දේ කරන්න අපි හැමෝම සාමුහික ප්‍රයත්නයකට බහින්න ඕනෙ. පරණ ඇඳුම් ගලවලා දාලා අලුත් ඇඳුම් අඳින්න පුරුදු වෙන්න ඕනෙ”

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 05) පැවති උත්සවයකදී අදහස් දක්වමිනි.