අනුරටයි අපටයි විතරක් කැක්කුම තිබිලා මේක කරන්න බෑ. අලුත් ඇඳුම් අඳින්න පුරුදු වෙන්න – ඇමති හඳුන් රජයේ සේවකයින්ට කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ තමන් ඇතුළු කැබිනට් මණ්ඩලයට රට හැදීමට ඇති වුවමනාව රාජ්‍ය සේවයේ සිටින සියල්ලන්ටම ඇතිවිය යුතු බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“අද අපට තියෙන වුවමනාව, උනන්දුව අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවයේ ඉන්න හැමෝටම ඇතිවෙන්න ඕනෙ. ඒක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනයි කියලා නමින් දාගත්තාට වැඩකුත් නෑ, ඒක ඩිජිටල් ඉකොනොමිය කියලා නමින් නම්කර ගත්තාට වැඩක් නෑ, අනුර සහෝදරයාට විතරක්, කැබිනට් මණ්ඩලයේ අපිට විතරක් තියෙන කැක්කුමකින් ඒ දේ කරන්න බෑ. ඒ දේ කරන්න අපි හැමෝම සාමුහික ප්‍රයත්නයකට බහින්න ඕනෙ. පරණ ඇඳුම් ගලවලා දාලා අලුත් ඇඳුම් අඳින්න පුරුදු වෙන්න ඕනෙ”

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 05) පැවති උත්සවයකදී අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...