ධම්මිකගේ ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ජාලය තවත් ව්‍යාප්ත වෙයි. 165 වැනි ශාඛාව අරිසිමලේට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් ක්‍රියාත්මක කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනේ 165 වැනි ශාඛාව 2025 පෙබරවාරි 23 වනදා විවෘත කෙරිණි.

ඒ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරිසිමලේ ආරණ්‍ය සේනාසන විහාරස්ථානයේදී ය.

මහා සංඝරත්නය, ප්‍රදේශයේ ගුරු – විදුහල්පතිවරුන්, දෙමව්පියන්, සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන මගින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවෙහි වටිනාකම රුපියල් ලක්ෂ 25 කි. මෙය රැකියා ඉලක්කගත පාඨමාලාවක් වන අතර මෙම පාඨමාලාව හදාරන සිසු සිසුවියන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ වේ. එමෙන්ම ඔවුන්ට මොරටුව, කැළණිය සහ රුහුණ යන විශ්වවිද්‍යාල මගින් පවත්වාගෙන යන පාඨමාලා හදාරමින් වැඩිදුර අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ වරම් ද හිමිවේ.

ඔබේ දරුවාත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන රුපියල් ලක්ෂ 25ක් වටිනා පරිගණක භාෂා පාඨමාලාවට යොමුකිරීම සඳහා ඔබේ ළඟම ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාව සමග සම්බන්ධ වීමට මෙතැනින් යොමුවන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...

සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සූදානම්. ජනාධිපතිවරයා විශේෂ සාකච්ජාවකුත් කැඳවයි!

කොළඹ LNW:ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය...

ආපදාවෙන් නිවාස අහිමිවූ වතුකර ජනතාව සඳහා තාවකාලික නිවාස ලබාදීමට සැලසුම්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් විපතට පත්ව නිවාස...