(BREAKING)අති විශිෂ්ට ජයක් සමඟ බුවනෙක අවසාන තරගයට

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 06, (LNW)කොළඹ

HUNDRED SRI LANKA INTERNATIONAL SERIES 2025 තරගාවලියේ පිරිමි කේවල අවසාන තරගයට සුුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ බුවනෙක ගුණතිලක සමත් වුණා.කොරියානු ක්‍රීඩක කිම් බයියුන්ග් ජේ වට 2 -1 ක් ලෙස පරාජය කරන්නට බුවනෙකට හැකියාව ලැබුණා.

ක්‍රීඩකයෙකු සතුව තිබිය යුතු අධිෂ්ඨානය , නොපසුබස්නා වීර්යය සහ සුවිශේෂි මානසික ඒකාග්‍රතාවය කදිමට ප්‍රදර්ශනය කළ බුවනෙක තෙවන වටයේදී ප්‍රතිවාදී කිම් ලකුණු 20 – 15 ක් ලෙස ඉදිරියෙන් සිටියදී හඹා ගොස් ලකුණු 22 – 20 ක් වූ ජය අති විශිෂ්ට එකක් වුණා.

ශ්‍රී ලංකාවේ හිටපු ජාතික සූරයෙකු වන බුවනෙක,වර්ථමානයේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිටියේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ප්‍රවීනම සහ අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙකු වෙනවා.ඒ අත්දැකීම්වල වටිනාකම මැනවින් විදහා දක්වමින් මේ තරගයේදී බුවනෙක දැක් වූ දක්ෂතාවය,හෙට බොහෝ විට මේ තරගාවලියේ කේවල පිරිිමි සූරතාවය ශ්‍රී ලංකාවට හිමිකර දීමේ විශාල ඉඩක් පවතිනවා.

ක්‍රීඩකයෙකු තරගයකදී අදාළ මොහොත කළමනාකරණය කර ගන්නේ කෙසේද යන්න පිළිබදව උපදේශන වැඩ සටහනක් බදු වූ බුවනෙකගේ ජයග්‍රහණය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ෆේස්බුක් පිටුවෙන් හෝ යූ ටියුබ් නාලිකාවෙන්,ක්‍රීඩාවෙ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැවත නැරඹිය යුතුයි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පරිපාලනය එහි සභාපති රොහාන් ද සිල්වාගේ නායකත්වය සහ මඟ පෙන්වීම මත,රජයෙන් ලැබිය යුතු අවම පහසුකම් හෝ නොදෙමින්, තරගාවලිය පැවත්වීම අවදානමට හෙළු අවස්ථාවක මරදාන ශාන්ත ජෝෂප් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මෙම තරගාවලිය සංවිධානය කිරීමට ද,ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව ලබන මේ ජයග්‍රහණවල ගෞරවය බෙදී යා යුතුයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජෝති හිටියා නම් අදට 90 යි !

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා වශයෙන් සැලකෙන...

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...