(BREAKING)අති විශිෂ්ට ජයක් සමඟ බුවනෙක අවසාන තරගයට

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 06, (LNW)කොළඹ

HUNDRED SRI LANKA INTERNATIONAL SERIES 2025 තරගාවලියේ පිරිමි කේවල අවසාන තරගයට සුුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ බුවනෙක ගුණතිලක සමත් වුණා.කොරියානු ක්‍රීඩක කිම් බයියුන්ග් ජේ වට 2 -1 ක් ලෙස පරාජය කරන්නට බුවනෙකට හැකියාව ලැබුණා.

ක්‍රීඩකයෙකු සතුව තිබිය යුතු අධිෂ්ඨානය , නොපසුබස්නා වීර්යය සහ සුවිශේෂි මානසික ඒකාග්‍රතාවය කදිමට ප්‍රදර්ශනය කළ බුවනෙක තෙවන වටයේදී ප්‍රතිවාදී කිම් ලකුණු 20 – 15 ක් ලෙස ඉදිරියෙන් සිටියදී හඹා ගොස් ලකුණු 22 – 20 ක් වූ ජය අති විශිෂ්ට එකක් වුණා.

ශ්‍රී ලංකාවේ හිටපු ජාතික සූරයෙකු වන බුවනෙක,වර්ථමානයේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිටියේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ප්‍රවීනම සහ අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙකු වෙනවා.ඒ අත්දැකීම්වල වටිනාකම මැනවින් විදහා දක්වමින් මේ තරගයේදී බුවනෙක දැක් වූ දක්ෂතාවය,හෙට බොහෝ විට මේ තරගාවලියේ කේවල පිරිිමි සූරතාවය ශ්‍රී ලංකාවට හිමිකර දීමේ විශාල ඉඩක් පවතිනවා.

ක්‍රීඩකයෙකු තරගයකදී අදාළ මොහොත කළමනාකරණය කර ගන්නේ කෙසේද යන්න පිළිබදව උපදේශන වැඩ සටහනක් බදු වූ බුවනෙකගේ ජයග්‍රහණය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ෆේස්බුක් පිටුවෙන් හෝ යූ ටියුබ් නාලිකාවෙන්,ක්‍රීඩාවෙ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැවත නැරඹිය යුතුයි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පරිපාලනය එහි සභාපති රොහාන් ද සිල්වාගේ නායකත්වය සහ මඟ පෙන්වීම මත,රජයෙන් ලැබිය යුතු අවම පහසුකම් හෝ නොදෙමින්, තරගාවලිය පැවත්වීම අවදානමට හෙළු අවස්ථාවක මරදාන ශාන්ත ජෝෂප් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මෙම තරගාවලිය සංවිධානය කිරීමට ද,ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව ලබන මේ ජයග්‍රහණවල ගෞරවය බෙදී යා යුතුයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...