ගල්ෆ් ගැටුම් නිසා ඉන්දියාවේ හිර වී සිටින කොදෙව්වන්ගේ පීඩනය ඩැරන් සැමීගෙන් පිට දමයි

නිශ්මං රණසිංහ ,මාර්තු 06 කොළඹ LNW:

ගල්ෆ් ගැටුම් සහ ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන් T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මාර්තු 5 වන දා වන විටත් කල්කටාවේය.දින ගණනාවක් තිස්සේ සිය තරග හමාර කර උපන්බිමට යා ගත නොහැකිව සිටින කොදෙව් කණ්ඩායම සම්බන්ධයෙන් අයිසීසී ය හෝ ඉන්දීය ක්‍රිකට් පරිපාලනය නිසි අවධානයක් යොමු කර නැති බවට සැකයක් මතු කරමින් කොදෙව් කළමණාකාරු ඩැරන් සාමී ඊයේ දිනයේ දී සිය ට්විටර් ගිණුම හරහා පණිවිඩ කිහිපයක්ම නිකුත් කර තිබිණ.


පළමු පණිවිඩයේ ගෙදර යාමේ අවශ්‍යයතාවය ගැන සාමි සරලව දක්වා තිබිණ.ඔහු විසින් මාර්තු 5 වන දා පළ කළ පණිවිඩ අතරින් වඩාත්ම අවධානයට ලක් වී තිබුණේ ‘At least an update, tell us something. Today tmw, next week. It’s been 5 days‘ යන නිවේදනයය. අඩුම තරමින් යාවත්කාලීන කිරීමක්, අපට යමක් කියන්න. අද හෙට, ලබන සතියේ. දින 5 ක් ගතවී ඇත. යනුවෙන් පළ කළ එම ලිපියෙන් මොවුන් සමඟ නිසි සම්බන්ධීකරණයක් හෝ දැනුවත් කිරීමක් හෝ සිඳු වී නැති බවට අදහසක් ගම්‍ය වන්නේය.


මේ අතර මෙම ගැටළුවටම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ද මුහුණ දී ඇද්දැයි දැන ගැනීමට අප ශ්‍රී ලංකා ක්‍රිකට් ඇමතූ අතර එහි ප්‍රකාශකයෙකු පැවසුවේ මාර්තු 7 වන දා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍යය සියල්ල සකස් වි තිබෙන බවය.